රිය අනතුරකින් පුද්ගලයෙක් ජීවිතක්ෂයට

Share

කොළඹ – මීගමුව මාර්ගයේ පරාක්‍රම හංදිය ප්‍රදේශයේදී සිදුවූ අනතුරකින් පුද්ගලයෙකු ජීවිතක්ෂයට පත්ව තිබේ.

කොළඹ දෙස සිටි මීගමුව දෙසට ගමන් කළ පාපැදියක් එම දෙසටම ධාවනය වූ බව්සර් රථයේ පිටුපස රෝදයේ ගැටී මෙම අනතුර සිදුව ඇති බව පොලිසිය පවසයි.

මෙම අනතුරින් මිය ගොස් ඇත්තේ 62 හැවිරිදි කෙලවරපිටිය, හැඳල, වත්තල ප්‍රදේශයේ පදිංචි පුද්ගලයෙකි.

මෙම අනතුර සම්බන්ධයෙන් බව්සර් රථයේ රියදුරු අත්අඩංගුවට ගෙන තිබෙන අතර සිද්ධිය සම්බන්ධයෙන් මහබාගේ පොලීසිය වැඩිදුර විමර්ශන සිදු කරයි.

Read more

Local News