දුම්රිය අත්‍යාවශ්‍ය සේවාවක් කිරීමේ ගැසට් නිවේදනය අද නිකුත් කරයි

Share

දුම්රිය සේවාව අත්‍යාවශ්‍ය සේවාවක් බවට පත් කිරීමට අදාල ගැසට් නිවේදනය අද දිනයේ නිකුත් කිරීමට බලාපොරොත්තු වන බව වැඩබලන ප්‍රවාහන අමාත්‍ය අශෝක් අබේසිංහ මහතා පවසයි.

ඔහු පෙන්වා දෙන්නේ ඊට අදාල ලිපි ලේඛණ මේ වන විට ජනාධිපති ලේකම්වරයා වෙත යොමු කර ඇති අතර අද පෙරවරුවේ එම ලිපි ලේඛනවලට අත්සන් කරන බවට ජනාධිපතිවරයා එකඟතාව පල කළ බවයි.

වැටුප් වැඩිවිම් ඇතුළු ඉල්ලීම් කිහිපයක් මුල් කර ගනිමින් දුම්රිය වෘත්තිය සමිති අඛණ්ඩ වැඩ වර්ජනයක් ආරම්භ කර ඇති අතර ඔහුගේ ඉල්ලීම්වලට යහපත් ප්‍රතිචාර ලබාදී තිබියදී තවදුරටත් වැඩවර්ජනයේ නිරතවීම අසාධාරණ බව අශෝක් අබේසිංහ මහතා සඳහන් කළේය.

කෙසේ වෙතත අද දිනය තුළ සේවයට වාර්තා නොකරන සේවකයින් සේවය හැරගියා සේ සලකන බවයි වැඩබලන ප්‍රවාහන අමාත්‍ය අශෝක් අබේසිංහ මහතා සඳහන් කළේ.

අද දිනයේ සිට දුම්රිය ඉංජිනේරුවරුන්ගේ සහයෝගය මත දුම්රිය ධාවනය කිරීමට පියවර ගන්නා බව දුම්රිය ඉංජිනේරු සංගමය පවසයි.

Read more

Local News