එජාපයේ විශේෂ මහ සම්මේලනය අද කොළඹදී

Share

එක්සත් ජාතික පක්ෂයේ විශේෂ මහ සම්මේලනය අද (03) පැවැත්වීමට නියමිතව ඇත.

පක්ෂයේ නායක අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් අද පෙරවරු 09.30ට කොළඹ සුගතදාස ගෘහස්ත ක්‍රීඩාංගණයේදි මෙම සම්මේලනය පැවැත්වීමට නියමිතයි.

මෙහිදී  පක්ෂයේ නියෝජ්‍ය නායක සජිත් ප්‍රේමදාස මහතාගේ ජනපති අපේක්ෂකත්වය සම්මත කර ගැනීමට නියමිත බව කැබිනට් නොවන අමාත්‍ය අජිත් පී පෙරේරා මහතා සඳහන් කළේය.

මේ අතර ඉදිරි ජනාධිපතිවරණයේදි සජිත් ප්‍රේමදාස මහතාට සහය පල කිරීම සඳහා බොහෝ දේශපාලන පක්ෂ මේ වන විටත් එකඟතාව පල කර ඇති බව අමාත්‍ය පී හැරිසන් මහතා පවසයි.

මහනුවර ප්‍රදේශයේදී මාධ්‍යවේදීන් නැගූ ප්‍රශ්නවලට පිළිතුරු ලබා දෙමින් පී.හැරිසන් අමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කළේය.

Read more

Local News