ජා-ඇල දී කේරල ගංජා සමඟ 2ක් නාවික හමුදා බාරයට

Share

ජා-ඇල ප්‍රදේශයේ සිදු කළ මෙහෙයුමකදී කේරළ ගංජා ග්‍රෑම් 20 ක් සමඟ පුද්ගලයින් දෙදෙනෙකු නාවික හමුදා බාරයට ගෙන තිබේ.

නාවික හමුදාව සහ ජා-ඇල පොලීසිය එක්ව ඊයේ (02) සිදු කළ මෙහෙයුමකදී මෙම පුද්ගලයින් දෙදෙනා අත්අඩංගුවට ගෙන ඇත.

ඒ අනුව, බටහිර නාවික විධානය සහ ජා-ඇල පොලිසිය එක්ව ජා-ඇල, කොහුමෝල හංදියේ යොදා තිබු මාර්ග බාධකයේදී සැක කටයුතු ත්‍රී රෝද රථයක් පරික්ෂා කිරීමේදි එහි සිටි පුද්ගලයන් ලඟ තිබි මෙම කේරළ ගංජා ප්‍රමාණය, නියුරෝන් වර්ගයේ පෙති ඇසුරුමක් සහ ශ්‍රී ලංකා වලංගු මුදලින් රු 49,370.00ක් සොයා ගෙන ඇත.

එම සැකකරුවන් දෙදෙනා, ත්‍රී රෝද රථය, නියුරෝන් වර්ගයේ පෙති ඇසුරුම සහ කේරළ ගංජා ප්‍රමාණය ඉදිරි පරික්ෂණ කටයුතු සඳහා ජා-ඇල, පොලීසිය වෙත බාරදෙන ලදි.

Read more

Local News