විපක්ෂ නායක සහ ප්‍රජාතන්ත්‍රවාදී ජනතා කොංග්‍රසයේ නියෝජිතයින් අතර හමුවක්

Share

හිටපු නියෝජ්‍ය අමාත්‍ය ප්‍රභා ගනේෂන් මහතාගේ නායකත්වයෙන් යුත් ප්‍රජාතන්ත්‍රවාදී ජනතා කොංග්‍රසයේ නියෝජිතයින් පිරිසක් ඊයේ (02) පස්වරුවේ විජේරාම නිල නිවසේදී විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ මහතා හමු විය.

මෙම හමුව සඳහා වව්නියාව, මන්නාරම, මුලතිව් හා කිලිනොච්චි නියෝජනය කරමින් නියෝජිතයින් එක්ව සිටියේය.

මහින්ද රාජපක්ෂ මහතාගේ පාලන කාලයේ එම ප්‍රදේශවල යටිතල පහසුකම් සංවර්ධනයට කටයුතු කළත් මෙම රජය පත්වීමත් සමග ඒ සියළු සංවර්ධන කටයුතු නතර වූ බව ඔවුන් එහිදී පැවසීය.

ඉදිරි ජනාධිපතිවරණයේදී ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ ජනාධිපති අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ජයග්‍රහණය වෙනුවෙන් තමන් කැපවෙන බවද ඔවුන් මෙහිදී පැවසීය.

Read more

Local News