මත්ද්‍රව්‍ය තොගයක් ළග තබාගත් පුද්ගලයෙක් නාවික හමුදා බාරයට

Share

නාවික හමුදාව සහ කල්මුනේ පොලිසිය එක්ව ඊයේ (02) දින කල්මුණේ, නින්තාවූර් ප්‍රදේශයේ සිදු කළ සෝදිසි කිරිමකදී මදනමෝදක නැමැති මත්ද්‍රව්‍ය ග්‍රෑම් 570 ක් සමඟ පුද්ගලයෙකු නාවික හමුදා බාරයට ගෙන ඇත.

ඒ අනුව, ගිණිකොණ නාවික විධානය සහ කල්මුනේ පොලිසිය එක්ව කල්මුණේ, නින්දවූර් ප්‍රදේශයේ සිදු කරන ලද සෝදිසි කිරීමකදි සැක කටයුතු පුද්ගලයෙකු නිරීක්ෂණය කර ඇති අතර, එම පුද්ගලයා පරීක්ෂා කිරීමේදි ඔහු ලඟ තිබී ඇසුරුම් 39 ක තිබු මෙම මත්ද්‍රව්‍ය ප්‍රමාණය සොයාගෙන ඇත.

මෙම සැකකරු සම්බන්ධයෙන් වැඩිදුර පරීක්ෂා කිරීමේදි මොහු මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකු බවත්, මෙම මත්ද්‍රව්‍ය අලෙවිකිරීම පිණිස රැගෙන යමින් සිට ඇති බවද අනාවරණය කරගෙන ඇත.

එම සැකකරු සහ මදනමෝදක ප්‍රමාණය ඉදිරි පරික්ෂණ කටයුතු සඳහා කල්මුනේ, පොලිසිය වෙත බාරදෙන ලදි.

Read more

Local News