ශ්‍රීලනිප දිස්ත්‍රික් හා ආසන සංවිධායකවරුන් කොළඹට කැඳවයි

Share

ශ්‍රී ලංකා නිදහස් පක්ෂ දිස්ත්‍රික් හා ආසන සංවිධායකවරුන් අද කොළඹට කැඳවා තිබේ.

ඒ, ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්වෙන රැස්වීමක් සඳහාය.

කොළඹ ජනාධිපති මන්දිරයේදී පැවැත්වෙන රැස්වීමේදී ශ්‍රී ලංකා නිදහස් පක්ෂය හා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ සන්ධානගත වීමේ සාකච්ඡා හා එකඟතා සම්බන්ධයෙන් ඔවුන් දැනුවත් කරන බව එහි මාධ්‍ය ප්‍රකාශක වීරකුමාර දිසානායක මහතා පැවසුවේය.

මේ අතර ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජනාධිපති ධූර අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂ මහතා සහ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ජ්‍යෙෂ්ඨයින් අතර හමුවක් ඊයේ රාත්‍රියේදී පැවැත්විණි.

ඒ, නුගේගොඩ පිහිටි ගෝඨාභය රාජපක්ෂ මහතාගේ නිවසේදී ය.

සාකච්ඡාවට ශ්‍රී ලංකා නිදහස් පක්ෂය නියෝජනය කරමින් දයාසිරි ජයසේකර, ලසන්ත අලගියවන්න සහ මහින්ද අමරවීර යන මහත්වරු සහභාගී වූහ.

ජනාධිපතිවරණයේදී ගෝඨාභය රාජපක්ෂ මහතාට සහය පළ කිරීම සම්බන්ධයෙන් දැනට මතු වී ඇති ගැටලු පිළිබඳව එකඟතාවක් ලබා ගැනීමේ අපේක්ෂාවෙන් එම සාකච්ඡා පැවැත්වුණු බව ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මාධ්‍ය ප්‍රකාශක වීරකුමාර දිසානායක මහතා සඳහන් කළේය.

Read more

Local News