මැතිවරණය සාමකාමීව පවත්වන්න පොරොන්දු වෙනවා

Share

රටේ අභිවෘද්ධිය අපේක්ෂා කරන සියලු දෙනා සමඟ ඉදිරි මැතිවරණයේ දී සජිත් ප්‍රේමදාස මහතා ජයග්‍රහණය කරවීම සඳහා කටයුතු කරන බව අමාත්‍ය සුජීව සේනසිංහ මහතා පවසයි.

එසේම මැතිවරණය සාමකාමීව පැවැත්වීම සඳහාත් පොරොන්දු වන බවත් ඒ මහතා පවසයි.

එක්සත් ජාතික පෙරමුණේ ජනාධිපති ධුර අපේක්ෂක සජිත් ප්‍රේමදාස මහතා වෙනුවෙන් ඉදිරි ජනාධිපතිවරණය සඳහා ඇප මුදල් තැන්පත් කර ඇත.

එම අවස්ථාවට එක්වෙමින් සුජීව සේනසිංහ මහතා මේ බව ප්‍රකාශ කළේය.

රට සංවර්ධනය කිරීමේ දී ජාතීන් වශයෙන් බෙදී නොගොස් ශ්‍රී ලාංකික ජාතිය වශයෙන් එක්ව නැඟී සිටිය යුතුත් ජාතීන් වෙන්වී රට විනාශ කිරීම නැවැත්විය යුතු බවත් ඒ මහතා වැඩිදුරටත් පැවසීය.

අද පෙරවරුවේ මැතිවරණ මහලේකම් කාර්යාලයේදි සජිත් ප්‍රේමදාස මහතා වෙනුවෙන් නව ප්‍රජාතන්ත්‍රවාදි පෙරමුණේ “හංසයා” ලකුණින් ඇප මුදල් තැන්පත් කිරීම සිදුකර ඇති බවයි වාර්තා වන්නේ.

Read more

Local News