බිඳ වැටුණු තැපෑල් පරිගණක ජාලය කඩ්නම්න් යථා තත්ත්වයට

Share

ප්‍රධාන තැපැල් කාර්යාලය ඇතුළු දිවයින පුරා තැපැල් කාර්යාලවල බිඳ වැටී ඇති පරිගණක ජාල පද්ධතිය ඉතා ඉක්මනින් යථා තත්වයට පත් කිරීමට අවශ්‍ය සියලු ක්‍රියාමාර්ග ගෙන ඇති බව තැපැල් හා මුස්ලිම් ආගමික කටයුතු අමාත්‍යඑම්.එච්.ඒ.හලීම් මහතා පවසයි.

තැපැල්  කාර්යාලවල පරිගණක පද්ධතිය  බිඳවැටීම නිසා ජනතාව මුහුණ පාන ගැටළු සම්බන්ධයෙන් අද  (04) අමාත්‍ය එම්.එච්. ඒ හලීම් මහතාගෙන් කළ විමසුමකදී අමාත්‍යවරයා එසේ පැවසීය.

තැපැල් කාර්යාලීය  පරිගණක පද්ධතිය මින් පෙරද මේ ආකාරයට බිඳවැටීම් සිදු වී ඇති බවත්  මෙවර එය දින ගණනාවක් පවතින වඩාත් දැනෙන බවත්  එය ඉතා ඉක්මනින් යථා තත්වයට පත් කිරීම සඳහා අවශ්‍ය සියලු ක්‍රියාමාර්ග අමාත්‍යාංශය ගෙන ඇති බවත්  පවසා ඇත.

පරිගණක පද්ධති නඩත්තු කරනු ලබන පෞද්ගලික ආයතනය වෙත පවරා එය ඇති බවද අමාත්‍යවරා මෙහිදී ප්‍රකාශ කර ඇත.

එම නිසා ඉතා ඉක්මනින් තැපැල් කාර්යාලීය පරිගණක ජාලය යථා තත්ත්වයට පත් වනු ඇති බවත් මෙය ප්‍රමුඛ කාර්යයක් ලෙස සලකා අමාත්‍යාංශය සියලු කටයුතු සිදු කරන බවත් තමා ඇතුළු ආමාත්‍යාංශ නිලධාරින් මේ සම්බන්ධයෙන් නිරන්තර අවධානයෙන් සිටින බවත් අමාත්‍යවරයා මෙහිදී පැවසීය.

Read more

Local News