තරුණයින්ට එළොව පොල් පෙන්නුවේ සීනියර් ප්‍රේමදාස

Share

සජිත් ප්‍රේමදාස මහතා ජනාධිපතිවරණ අපේක්ෂකත්වයට පැමිණීම හේතුවෙන් මේ රටේ පාවෙමින් තිබු බහුතරයක් ඡන්ද ගෝඨාභය රාජපක්ෂ මහතා ජනපති කරන තීන්දුව ගෙන ඇතැයි පාර්ලිමේන්තු මන්ත්‍රී පවිත්‍රා වන්නිආරච්චි මහත්මිය පවසයි.

ඇල්පිටිය ප්‍රදේශයේ ඊයේ(03) පැවති ජන හමුවකට එක්වෙමින් ඇය මේ බව කියා සිටියාය.

“අපි බොහොම කැමති අපේක්ෂකයා තමයි සජිත්“ යනුවෙන් ද පැවසු මන්ත්‍රීවරිය සජිත් ප්‍රේමදාස මහතා “තාත්තා නවත්තපු තැනින් පටන් ගන්නවා“ යනුවෙන් පැවසීම ඇඟ හීතල කරන බවත් පැවසීය.

රටේ ජනතාවට ඕනෑම දෙයක් දෙන බව සජිත් ප්‍රේමදාස මහතා පවසන බවත් පැවසු මන්ත්‍රීවරිය, “මේ රටේ 60,000 ක් වු තරුණයින්ට එළොව පොල් පෙන්නුවේ සීනියර් ප්‍රේමදාස නැත්නම් සජිත්ගේ තාත්තා“ යනුවෙන් ද කියා සිටියේය.

Read more

Local News