මම එජාපය සමඟ එකතු වෙන්නේ නෑ

Share

තමා කිසි විටෙක එක්සත් ජාතික පක්ෂය සමඟ යළි එකතු නොවන බව එක්සත් ජනතා නිදහස් සන්ධාන පාර්ලිමේන්තු මන්ත්‍රී ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා පවසයි.

අද(04) බස්නාහිර පළාත් මහාධිකරණ සංකීරණය අසලදී මාධ්‍ය වෙත අදහස් දක්වමින් මන්ත්‍රීවරයා මේ බව සඳහන් කළේය.

එක්සත් ජාතික පක්ෂය විසින් ජනාධිපතිවරණ පරාජය වන බව ඔවුන් දන්නා නිසා පොදුජන පෙරමුණේ අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂ මහතාට එරෙහිව නඩු පවරා ඇති බව පාර්ලිමේන්තු මන්ත්‍රීවරයා මෙහිදී අවධාරණය කළේය.

එමෙන්ම ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා මෙහිදී වැඩිදුරටත් පවසා සිටියේ වර්තමාන දේශපාලන තත්ත්වය ඔවුන්ට ඉතාමත් වාසිදායක බවයි.

Read more

Local News