ගෝඨාභයට එරෙහි පෙත්සමේ නියෝගය අද සවස 6ට

Share

හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා ශ්‍රී ලංකා පුරවැසියෙකු වශයෙන් පිළිගැනීම වැළැක්වීමේ නියෝගයක් නිකුත් කරන මෙන් ඉල්ලා ගොනු කර ඇති පෙත්සම සලකා බැලීම අවසන් කළ අභියාචනාධිකරණය ඒ පිළිබඳ නියෝගය ප්‍රකාශ කිරීම අද (04) පස්වරු 6.00 ට සිදු කරන බව නිවේදනය කර ඇත.

අභියාචනාධිකරණයේ සභාපති විනිසුරු යසන්ත කෝදාගොඩ, මහින්ද සමයවර්ධන සහ අර්ජුන ඔබේසේකර යන මහත්වරුන් ගේන් සමන්විත ත්‍රිපුද්ගල අභියාචනාධිකරණ විනිසුරු මඩුල්ල විසින් මෙම දැනුම්දීම සිදු කර ඇත.

විනිසුරු මඩුල්ල සියලු පාර්ශවය වලට අදාල නීතිඥවරුන් ට දක්වා සිටියේ මෙම පෙත්සමට අදාළ ලිඛිත දේශන තිබේනම් ඒවා අද පස්වරු 3.15 ට පෙර ඉදිරිපත් කර ලෙසයි.

ඉන් අනතුරුව ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ල විසින් මෙම දැනුම් දීම සිදු කරනු ලැබුවේය.

Read more

Local News