සජිත් මන්දිරවල ඉඳන් රට පාලනය කරන්නේ නෑ

Share

එක්සත් ජාතික පක්ෂ ජනාධිපතිධූර අපේක්ෂක සජිත් ප්‍රේමදාස මහතා හා මුස්ලිම් ප්‍රජාව අතර හමුවක් ඊයේ(03) කොළඹදී පැවැත්විය.

එම අවස්ථාවට එක්සත් ජාතික පක්ෂය නියෝජනය කරන මැතිඇමතිවරුන් ඇතුළු පිරිසක් එක්ව සිටියේය.

මෙහිදී අදහස් දැක්වු තැපැල් සේවා හා මුස්ලිම් ආගමික කටයුතු අමාත්‍ය එම්.එච්.ඒ.හලීම් මහතා කියා සිටියේ, නීතිය ක්‍රියාත්මක කිරීමේ දී සමාජයේ වෛරය පතුරවන්නන්ට එරෙහිව පියවර ගැනීමේ බයක් නැතුව පියවර ගන්නා නායකයා වන්නේ සජිත් ප්‍රේමදාස මහතා බවයි.

සජිත් ප්‍රේමදාස මහතා අදහස් දක්වමින් පවසා සිටියේ, සමහරු කතිරේ ගසා ගැනීමට මුනිච්චාවට මිත්‍රශිලීත්වයක් පෙන්වන බවයි.

බැටළු හම පොරවා ගත් වෘක්කයෝ වගේ බවද පැවසු ප්‍රේමදාස මහතා, “සජිත් මන්දිරවල ඉඳන් රට පාලනය කරන්නේ නෑ“ යනුවෙන් ද පැවසීය.

තමාගේ බලාපොරොත්තුව තම නිවසේ සිට රට වෙනුවෙන් කළ යුතු යුතුකම කිරීම බවත් පැවසු ඒ මහතා ජනාධිපතිකම ලබා ගන්නවා යනු රටේ මිනිසුන් වෙනුවෙන් හා රට වෙනුවෙන්  තමා දුෂ්කර ක්‍රියා කිරීම බවත් සඳහන් කළේය.

තමා ඉදිරියට යන්නේ එම මාර්ගයේ බවත් පැවසු සජිත් ප්‍රේමදාස මහතා, ත්‍රස්තවාදය විනාශ කළ යුතු වුවත්, ත්‍රස්තවාදය මැඩ පැවැත් වීමට නම් හොඳම ක්‍රමය වන්නේ බුදුන්ගේ දේශනා අකුරට ක්‍රියාත්මක කිරීම බවත් පැවසීය.

රජයක් ලෙස සෙසු ජාතීන් රැක ගැනීමේ වගකීම තමා සතු බවත් පැවසු සජිත් ප්‍රේමදාස මහතා, එය අවංකව ඉෂ්ඨ කරන බවත්, සහෝදර ප්‍රජාවට අන්තවාදය ක්‍රියාත්මක කරන්න එපැයි යනුවෙන් ද මෙහිදී කියා සිටියේය.

එමෙන්ම තමා රණසිංහ ප්‍රේමදාස ප්‍රතිපත්ති අකුරට ක්‍රියාත්මක කරන බවත් මෙහිදී කියා සිටියේය.

Read more

Local News