හෙටින් ඇප මුදල් තැන්පත් කිරිම අවසන් ‌වෙයි

Share

2019 ජනාධිපතිවරණය සඳහා ඇප මුදල් තැන්පත් කිරිම හෙටින් (06) අවසන් වේ.

හෙට පෙරවරු 08.30 සිට පෙරවරු 12.00 දක්වා කාලය තුළ ඇප මුදල් තැන්පත් කළ යුතු බව මැතිවරණ කොමිෂන් සභාව සඳහන් කළේය.

කෙසේ වෙතත් අද (05) දිනයේ ඇප මුදල් භාරගැනිම සිදු වන්නේ නැත.

මෙවර ජනාධිපතිවරණය සඳහා ඇප මුදල් තැන්ප් කිරිම පසුගිය 19 වනදා ආරම්භ වූ අතර ඊයේ(04) දිනය වනවිට අපේක්ෂකයින් 33 දෙනෙකු ඇප මුදල් තැන්පත් කර ඇති බව මැතිවරණ කොමිෂන් සභාව සඳහන් කළේය.

ඒ අතර පිළිගත් දේශපාලන පක්ෂ 16ක්, වෙනත් දේශපාලන පක්ෂ 03ක් සහ ස්වාධින අපේක්ෂකයින් 14 දෙනෙකු වනබව සදහන්.

Read more

Local News