ශ්‍රීලනිපයේ අවසන් තීරණය ?

Share

ඉදිරි ජනාධිපතිවරණය සඳහා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ස්ථාවරය පක්ෂය වෙත ඉදිරිපත් කිරීමේ බලය එම පක්ෂ මධ්‍යම කාරක සභාව විසින් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා වෙත පවරා ඇත.

ජනාධිපති නිල නිවසේ දී ඊයේ රාත්‍රී රැස්වූ මධ්‍යම කාරක සභාව පැය 02කට අධික කාලයක් අදාළ තීරණය සම්බන්ධයෙන් සාකච්ඡාවල නිරත වුණි.

එහිදී අවසානයේ තීරණය කර ඇත්තේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ස්ථාවරය ජනාධිපතිවරයා විසින් තීරණය කර අද උදෑසන පක්ෂයට දැනුම්දිය යුතු බවයි.

ඒ අනුව අදාළ තීරණය දැනුම්දීමෙන් පසු මාධ්‍ය හමුවක් කැඳවා රට හමුවේ එම ස්ථාවරය ප්‍රකාශයට පත් කරන බව ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මාධ්‍ය ප්‍රකාශක පාර්ලිමේන්තු මන්ත්‍රී වීරකුමාර දිසානායක මහතා පැවසුවේය.

Read more

Local News