අපිට අවස්ථාවක් දෙන්න – අනුර

Share

හිටපු ජනාධිපතිවරුන් නඩත්තු කිරීම සඳහා ආණ්ඩුව විසින් මුදල් වැය කිරීම තම ආණ්ඩුවක් යටතේ සම්පූර්ණයෙන්ම නවත්වන බව ජාතික ජන බලවේගයේ ජනාධිපතිධුර අපේක්ෂක අනුර කුමාර දිසානායක මහතා පවසයි.

ජාතික ජන බලවේගය විසින් ඊයේ (06) පැවැත්වු ජන හමුවක් අමතමින් ඒ මහතා මේ බව පැවසීය.

මහජනතාවට හොඳ ජීවිතයක් ලබා දීමේ අරමුණින් දේශපාලඥයින් සිය කටයුතු කළ යුතු බවද ඒ මහතා අවධාරනය කළේය.

තනතුර දරණ ජනාධිපති හැරුණු විට හිටපු ජනාධිපතිවරු නඩත්තු කිරීම ද සිදු කරන්නේ මහජනතාවගේ මුදල් වලින් බවත් ඒ සඳහා විශාල වැය ශිර්ෂයක් යෙදවීමට සිදු වී ඇති බව මන්ත්‍රීවරයා පෙන්වා  දෙයි.

ඔහු පවසන්නේ මෙම හිටපු ජනාධිපතිවරුන්ට ඔවුන්ට වෙනත් ආදායම් මාර්ග තිබෙන බවත් ඔවුන්ගේ දරුවන් සිටින බැවින් ඔවුන්ට නඩත්තු වීමට වෙනත් ආධායම් මාර්ග ගොඩ නැගි ඇති බවයි.

එවැනි තත්ත්වයක් යටතේ මහජනතාවගේ මුදල් විශාල වශයෙන් වියදම් කරමින් ඔවුන් නඩත්තු කිරීමට කිසිදු අවශ්‍යතාවයක් නොමැති බව අනුර කුමාර මන්ත්‍රීවරයා වැඩිදුරටත් පැවසීය.

කෙසේ හෝ යම් අවස්ථාවකදි ඔවුන්ට නිසි ආධායම් මාර්ගයක් නොමැතිව සිය දරුවන්ද නොසලකා හැර ඇත්නම් එවැනි මොහොතක සාමාජ ආරක්ෂ අරමුදලින් යම් දිමනායක් ලබා දීමට කටයුතු කිරීම පමනක් සිදු කළ යුතු බවද ඒ මහතා පවසයි.

ඒ අනුව අනෙකුත් සියළු දිමනා කපා හැරිය යුතු බවත් රට හැදිය යුත්තේ මුදුනේ සිට බවත් මන්ත්‍රීවරයා පැවසීය.

සිය පාර්ශවයට අවස්ථාවක් ලබා දෙන්නේ නම් සහතික වශයෙන්ම මුදුනේ සිටම රට නිවැදි මාර්ගයකට ගෙන එමට කටයුතු කරන බවද ඒ මහතා වැඩිදුරටත් ප්‍රකාශ කළේය.

Read more

Local News