රට ඉදිරියට ගෙනයන්න සජිත් දිනවන්න

Share

වසර පහක් පුරා රටේ සිදු කළ සංවර්ධනය අඛණ්ඩව පවත්වාගෙන යාම සඳහා ඉදිරි ජනාධිපතිවරණයේදී එක්සත් ජාතික පෙරමුණට සහාය පළ කරන ලෙස අග්‍රාමාතය රනිල් වික්‍රමසිංහ මහතා ජනතාවගෙන් ඉල්ලීමක් කරයි.

සිරිකොත පක්ෂ මූලස්ථානයේ ඊයේ(06) පස්වරුවේ පැවති එක්සත් ජාතික පක්ෂ කොළඹ දිස්ත්‍රික් ආසන බල මණ්ඩල රැස්වීම අමතමින් අග්‍රාමාත්‍යවරයා මේ බව සඳහන් කළේය.

බලය අමුතුවෙන් ලබා ගැනීමට නොමැති බවත් ඇති බලය තහවුරු කළ යුතුව ඇති බවත් අග්‍රාමාත්‍යවරයා මෙහිදී පැවසීය.

සජිත් ප්‍රේමදාස මහතා ජනාධිපති කරන බවත්, පොහොට්ටුවට හිස එසවීමට ඉඩ නොදෙන බවත් පැවසු අගමැතිවරයා ඔවුන් පවසන ආකාරයට බඩු මිල අඩු කරන්නේ කොහොමද යන්න පැහැදිලි කරන්නැයි ද කියා සිටියේය.

වේදිකාවට ඇවිත් ඒ ගැන කථා කරන ලෙසත් පවසන අගමැතිවරයා, ජනතාවගේ බඩට ගහලා ගහලා නැවත බඩට ගහන්න යනවා ද යනුවෙන් ප්‍රශ්න කර සිටියේය.

ජනාධිපතිවරණය ජය ගැනීමෙන් පසුව පාර්ලිමේන්තු මැතිවරණයත් ජයග්‍රහණය කළ හැකි පැවසු අගමැතිවරයා, රට තුළ වසර 5 ක් ඇති කළ ප්‍රගතිය ඉදිරියට ගෙන යෑමට නම් සජිත් ප්‍රේමදාස දිනවිය යුතු බවද පැවසීය.

Read more

Local News