මල්වට්ටිය අරන් ගියාට කිසිදු වැඩක් නෑ

Share

ගෝඨාභය රාජපක්ෂ මහතාට විරුද්ධව හැකි තරම් නඩු දාලා මේ වන විට ඒවා සියල්ල පැරදි ඇති නිසා කුමක් කරනවා ද යන්න හිතා ගත නොහැකි තත්ත්වයකට එක්සත් ජාතික පක්ෂය පත්ව ඇතැයි හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී ගීතා කුමාරසිංහ මහත්මිය පවසයි.

ගාල්ල, බලපිටිය ප්‍රදේශයේ පැවති ජන හමුවක් අමතමින් ඇය මේ බව කියා සිටියේය.

එක්සත් ජාතික පෙරමුණේ ජනාධිපති අපේක්ෂක සජිත් ප්‍රේමදාස මහතා විසින් පැවසු බොරුවලින් කිසි දිනක ගැලවීමක් නොමැති බවත් පැවසු ඇය, මෙය සිංහල බෞද්ධ රටක් නොවේ යනුවෙන් පවසන විට සජිත් ප්‍රේමදාස මහතා එක් වචනයක් විරුද්ධව කථා නොකළ බවත් පැවසීය.

මල්වට්ටිය අරන් ගියාට කිසිදු වැඩක් නොමැති බවත්, ජනතාව ඒ බව දන්නා බවත් පැවසු ගීතා කුමාරසිංහ මහත්මිය, ගිනි පෙට්ටි ගෙවල් ටිකක් සාදා ජනතාව සාදාකාලික ණයකාරයින් කළ බවත් සඳහන් කළේය.

Read more

Local News