බෞද්ධ රටක දෛවයෙන් ලද දායාදයක් ගැන එස්.බී කියයි

Share

ජනාධිපතිවරයා හා අගමැතිවරයා අතර ඇති ගැටුම්කාරී තත්ත්වය පාස්කු ඉරිදා ප්‍රහාර මාලාවට ද බලපෑම් එල්ල කළ බව පාර්ලිමේන්තු මන්ත්‍රී එස්.බී.දිසානායක මහතා පවසයි.

නාවලපිටිය ප්‍රදේශයේ පැවති ජන හමුවක් අමතමින් මන්ත්‍රීවරයා මෙම අදහස් පළ කළේය.

ප්‍රහාරය එල්ල වන දිනයේ උදෑසනත් ඒ බව දැන සිටි බවත් කියා සිටි මන්ත්‍රීවරයා, මෙම අර්බුදකාරී තත්ත්වය හමුවේ රට කඩා වැටී ඇති බව ජනාධිපතිවරයා විසින්ම පිළිගෙන ඇතැයි ද මෙහිදී කියා සිටියේය.

දෙදෙනාට එකට වැඩ කිරීමට නොහැකි වු නිසාවෙන් රට කඩා වැටුණ බව අගමැතිවරයා ද පිළිගත් බව පැවසු මන්ත්‍රීවරයා, මේ වන විට තිබෙන තත්ත්වය මත සජිත් ප්‍රේමදාස මහතා ජනාධිපතිවරණය ජයග්‍රහණය කළ හොත් “ගොන් පොර නෙමෙයි මී ගොන් පොරයක් එන්නේ“ යනුවෙන් ද පැවසීය.

ගෝඨාභය රාජපක්ෂ මහතා ජනාධිපතිවරයා වශයෙන් පත්ව, මහින්ද රාජපක්ෂ මහතා අගමැතිවරයා වශයෙන් පත්වීම බෞද්ධ රටක දෛවයෙන් ලද දායාදයක් බව පැවසු මන්ත්‍රීවරයා, මොවුන්ගේ සහෝදරත්වයෙක් ශක්තිමත් ආණ්ඩුවක් සෑදිය යුතු බවද කියා සිටියේය.

එවැනි දේවල් සිදුවන බවත් පැවසු මන්ත්‍රීවරයා, චන්ද්‍රිකා මැතිණිය කිසි දිනක මහින්ද රාජපක්ෂ මහතාට ජනාධිපති අපේක්ෂකත්වය ලබා දීමට නොසිතු බවත් පැවසු දිසානායක මහතා, අධිකරණය මඟින් එම අවස්ථාව අහිමි කිරීමට සිතුවද අධිකරණ තීන්දුවෙන් නොසිතු ලෙස මහින්ද රාජපක්ෂ මහතාට ජයග්‍රහණය කිරීමට හැකි වු බවද පැවසීය.

දෛවය විසින් මහින්ද රාජපක්ෂ මහතා ජනාධිපතිවරයා බවට පත් කළ බවත් පැවසු මන්ත්‍රිවරයා, ඒ හේතුවෙන් ලෝකයේ දරුණතම ත්‍රස්තවාදීයා නැසිමට එයින් හැකි වු බවත් කියා සිටියේය.

නඟා සිටවු රට අනාරක්ෂිත තත්ත්වයට පත්ව ඇති අද වැනි දවසක රටට හිමිව ඇති තුටු පඬුර වන්නේ ගෝඨාභය රාජපක්ෂ මහතා වන බවත් පැවසු එස්.බී.දිසානායක මහතා, නොවැම්බර් 17 වන දා වන විට ජනාධිපති බවට පත්වන්නේ ගෝඨාභය මහතා බවත්, 18 වන දින වන විට මහින්දානන්දලා, එස්.බී.ලා ඇමතිවරු වෙලා ආණ්ඩුවක් හදන බවත් පැවසීය.

Read more

Local News