රුහුණේ සරසවියේ නවක වදය දුන් සිසුන් යළි රිමාන්ඩ්

Share

රුහුණ විශ්වවිද්‍යාලයේ නවක සිසුවෙකුට නවක වදය ලබා දීම සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාර ගත කර සිටි රුහුණ විශ්වවිද්‍යාලයේ මහා ශිෂ්‍ය සංගමයේ සභාපතිවරයා ඇතුලූ සිසුන් 19 දෙනා යළි රක්ෂිත බන්ධනාගාර ගත කර තිබේ.

එම නඩුව අද (07) දින මාතර ප්‍රධාන මහේස්ත්‍රාත් ඉසුරු නෙත්ති කුමාර මහතා හමුවේ යළි කැඳවූ අවස්ථාවේ දී ඉදිරිපත්වූ කරුණු සලකා බැලු මහේස්ත්‍රාත්වරයා අදාල සිසුන් 19 දෙනා යළි ඔක්තෝම්බර් 21 දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට නියෝග කළේය.

පසුගිය වසරේ දෙසැම්බර් මස රුහුණ විශ්වවිද්‍යාලයේ නවක සිසුවෙකුට මාතර-මැද්දවත්ත ප්‍රදේශයේ පිහිටි නේවාසිකාගාරයක දී මෙම නවක වදය ලබාදුන් බවට එම සිසුවා මාතර මූලස්ථාන පොලීසියේ සිදුකරන ලද පැමිණිල්ලකට අනුව මෙම සිසුන් අත්අඩංගුවට ගෙන නවක වද පනත යටතේ මාතර මහේස්ත්‍රාත් අධිකරණයේ නඩු පවරා ඇත.

Read more

Local News