අනුර කුමාර දිසානායක යනු අලියට කඩේ යන දිසානායක

Share

එක්සත් ජාතික පෙරමුණේ ජනාධිපති අපේක්ෂක සජිත් ප්‍රේමදාස මහතා ගෙන එමට සුදානම් වන්නේ නැවත් සිය පියාගේ ප්‍රේමදාස යුගය බව එක්සත් ජනතා නිදහස් සන්ධාන පාර්ලිමේන්තු මන්ත්‍රී පියල් නිශාන්ත මහතා පවසයි.

එම යුගය තුල තරුණ තරුණියන් 60000කට අදික පිරිසක් ඝාතනය කළ බවත් එය ජනතා විමුක්ති පෙරමුණේ ජනාධිපති අපේක්ෂක අනුර කුමාර දිසානායක මන්ත්‍රීවරයාට එම යුගය අමතක වී ඇති බවද මන්ත්‍රීවරයා ප්‍රකාශ කළේය.

නමුත් එම යුගය මහජනතාවට අමතක වී නොමැති බව පැවසු මන්ත්‍රීවරයා පැවසුවේ සජිත් ප්‍රේමදාස මහතා ගෙයින් ගෙට නොයා සිය පියා කළ වැරදි වලට සමාව ගැනීමට එම යුගයේ ඝාතනය වු තරුණ තරුණියන් 60000සේ දෙමාපියන්ගෙන් පමනක් සමාව ගත්තේ නම් එය සැහෙන බවයි.

ඊයේ (06) කළුතර දිස්ත්‍රික්කයේ පැවති ජන හමුවක් අමතමින් ඒ මහතා මේ බව පැවසීය.

එහිදි වැඩි දුරටත් අදහස් දැක්වු මන්ත්‍රීවරයා පැවසුවේ ඇතැම් පුද්ගලයින්ගේ ජනාධිපතිවරණය සඳහා ඇප මුදල් තැන්පත් කළද ඔවුන්ට ඉදිරියේදි ඇපත් නැති වන බවයි.

අනුර කුමාර දිසානායක යනු අලියට කඩේ යන දිසානායක ලෙසත් මන්ත්‍රීවරයා එහිදි චෝදනා කළේය.

ඒ අනුව ඒ.කේ.ඩි දිසානායක ලෙස සිය පාර්ශවය අනුර කුමාර දිසානායක මහතාට අමාන්ත්‍රණය කරන බවද මන්ත්‍රීවරයා පවසයි.

වර්මානයේ ජනතා විමුක්ති පෙරමුණ එත්සත් ජාතික පක්ෂයේ නැට්ටේ එල්ලි සිටන බවට මන්ත්‍රීවරයා චෝදනා කළේය.

ඒ බව පැවසු මන්ත්‍රීවරයා අභියෝගයක් එල්ල කරමින් පැවසුවේ පසුගිය පළාත් පාලන මැතිවරණයෙදි දිනා ගත් ඡන්ද ලක්ෂ 7 පමනක් වත් ජනාධිපතිවරනයේද රැගෙන පෙන්වන ලෙසයි.

පොදුජන පෙරමුණේ ජනාධිපති අපේක්ෂක ගෝඨාභට රාජපක්ෂ මහතා ගැන විශ්වාස තබන මහජනතාව සම්බන්දයෙන් සිය පාර්ෂවය ආඩම්භර වන බවත් ජනාධිපතිවරණයේදි සියයට 58කට වැඩි ඡන්ද ප්‍රතිශතයක් ගෝඨාභය රාජපක්ෂ මහතාට හිමිවන බවත් පියල් නිශාන්ත මහතා වැඩිදුරටත් පැවසීය.

Read more

Local News