සජිත් අළුයම අවදිවන බව රන්ජන් කියයි

Share

එක්සත් ජාතික පක්ෂයට ඇති ලොකුම චෝදනාව වන මහ බැංකු බැඳුම්කර සිද්ධියෙන් සියයට අනූවක් විසඳා අවසන් බව රාජ්‍ය අමාත්‍ය රංජන් රාමනායක මහතා පවසයි.

ගම්පහ ප්‍රදේශයේ පැවති ජනහමුවක් අමතමින් රාජ්‍ය අමාත්‍යවරයා මේ බව සඳහන් කළේය.

බැඳුම්කර වංචාවෙන් වූ පාඩුව බිලියන 11ක් බවත් බන් බිලියන ‍12ක් හොයලා ආයතන 26ක් අත්අඩංගුවට ගෙන තහනම් කර අවසන් කර ඇති බවත් රාජ්‍ය අමාත්‍යවරයා පැවසීය.

රාජ්‍ය අමාත්‍ය රන්ජන් රාමනායක මහතා මෙහිදී වැඩිදුරටත් පවසා සිටියේ තම පක්ෂයේත් වැරදි ඇති බවත් ඒවා සුළු වැරදි බවත්ය.

මේ අතර එක්සත් ජාතික පක්ෂ ජනාධිපති අපේක්ෂක සජිත් ප්‍රේමදාස මහතා දවසේ පැය 24න් පැය 20ක් ජනතාවට සේවය කරන බවත් එතුමා තම කාර්යන් කිරීම සඳහා අළුයම අවදි වන පුද්ගයෙකු බවත් රාජ්‍ය අමාත්‍යවරයා මෙහිදී කියා සිටියේය.

එහිදී වැඩිදුරටත් අදහස් දක්වමින් අමාත්‍යවරයා මේ බව පැවසීය.

“සජිත් මහත්තයා උදේ පාන්දර 4-5ට නැගිටිනවා. අපිට කෝල් කරනවා. අපිට පුදුම කරදරයක්. මම කිව්වා ඔබතුමා ජනාධිපති වුණොත් මෙහෙම කෝල් දෙන්න එපා මම ජිවිතේට කථා කරන්නේ නෑ.“ යැයි රාජ්‍ය අමාත්‍ය රංජන් රාමනායක මහතා වැඩිදුරටත් පැවසීය.

Read more

Local News