ගෝඨාට පුළුවන් දෙයක් ගැන මහින්ද කියයි

Share

රටේ ජාතික ආරක්ෂාව යළි තහවුරු කිරීමට ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජනාධිපති ධුර අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂ මහතාට හැකියාව ඇති බවට තමා වගකීමෙන් ප්‍රකාශ කරන බව විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ මහතා පවසයි.

වැලිගම ප්‍රදේශයේ ඊයේ (06) පැවති ජනහමුවක් අමතමින් විපක්ෂ නායකවරයා මේ බව සඳහන් කළේය.

සහෝදරත්වයේ ජනහමුව ලෙසින් නම්කර තිබූ මෙම රැස්වීම පැවැත්වුණේ වැලිගම නගර ශාලාවේදියී.

වැලිගම ප්‍රදේශයේ මුස්ලිම් ප්‍රජාව විසින් මෙය සංවිධාන කර තිබුණි.

එහිදි අදහස් දැක්වු මහින්ද රාජපක්ෂ මහතා පැවසුවේ දස වසරක් පුරා රට තුල බියෙන් සහ සැකයෙන් තොරව ජිවත් වීමට පැවති අයිතිය නැති වී වර්ථමානයේ සියළු දෙනාට බියෙන් ජිවත් වීමට සිදු වී ඇති බවයි.

රටේ ආරක්ෂාවක් නොමැති කම නිසා වර්තමානයේ කිසිඳු ආගමිකයේකුට සිය ආගමික වතාවත් සඳහා සිය සිද්ධස්ථාන වලට යාමට නොහැකි තත්ත්වයකට පත් වි ඇති බවයි.

ජාතික ආරක්ෂාව යනු සිංහලයාගේ ආරක්ෂාව පමනක් නොවන බවත් සියළුම ජාතින්ගේ ආරක්ෂාව බවත් විපක්ෂ නායකවරයා පෙන්වා දෙයි.

ජාතික ආරක්ෂාව විනාශය වීම යනු සියළු දෙනා අනාරක්ෂිත වීම බවත් ජාතික ආරක්ෂාව පතින්නේ නම් සියළුදෙනා ආරක්ෂිත බව පෙන්නුම් කරන බවද මහින්ද රාජපක්ෂ මහතා අවධාරණය කළේය.

පළමු වතාවට කතෝලික ජනතාවට සිකුරාදා දිනයේ දේවස්ථානයට යාමට නෙහැකිව බියට පත් වු බවද විපක්ෂ නායකවරයා පැවසීය.

ඇතැම් විට පසුගිය ආණ්ඩු සමයේද ගැටුම් ඇති වු අවස්තාවල තමන් සහ ආරක්ෂ ලේකම්වරයා සහ වගකිව යුතු පිරිස ක්ෂණිකව ඒ සඳහා මැදිහත් වී කටයුතු කළද වත්මන් ආණ්ඩුවේ එවැනි මැදිහත් වීමක් කිසිදු අවස්තාවක සිදු නොවු බවද විපක්ෂ නායකවරයා පෙන්වා දෙයි.

තමන්ට මෙන්ම තම පාර්ෂවයට නැවතත් රට දියුණු කිරීමට අවශ්‍ය බවත් එය ඉටු කිරීමට ගෝඨාභය රාජපක්ෂ මහතාට හැකි බව පැවසු විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ මහතා පැවසුවේ ඒ වෙනුවෙන් තමන් වගකියන බවයි.

Read more

Local News