හෙරොයින් කිලෝ 50ක් සමඟ සැකකරුවන් 02ක් අත්අඩංගුවට

Share

හෙරොයින් කිලෝ ග්‍රෑම් 50 ක් සමඟ සැකකරුවන් දෙදෙනෙක් අත්අඩංගුවට ගැනීම දක්ෂිණ අධිවේගී මාර්ග කොට්ඨාසය සමත්ව තිබේ.

අද(07) උදෑසන සුදු පැහැති ජිප් රථයකින් දක්ෂිණ අධිවේගී මාර්ගයේ කඩුවෙල සිට අතුරුගිරිය දක්වා පැමිණ අතුරුගිරිය පිටවීමේ ස්ථානයෙන් පිටවන අවස්ථාවේ දී මෙම අත්අඩංගුවට ගැනීම සිදු කර ඇත.

එහිදී එම වාහනය පිළිබඳව සැක සිතී අධිවේගී මාර්ග පොලිස් කොට්ඨාසයේ නිලධාරීන් විසින් එම වාහනය පරීක්ෂා කර තිබේ.

පසුව වාහනයේ පොහොර උර 2 ක බහා තිබු හෙරොයින් කිලෝ 50ක පමණ ප්‍රමාණයක් ප්‍රවාහනය කරමින් සිටි සැකකරුවන් දෙදෙනෙක් ද අත්අඩංගුවට ගෙන ඇත.

මෙසේ අත්අඩංගුවට පත්ව ඇත්තේ වයස අවුරුදු 38 ක් වු පැල්වත්ත ගමගේ චමින්ද දිල්රුක් නැමති ස්වර්ණපාලි මාවත, බොරුල්ල ලිපිනයේ පදිංචි අයෙක් සහ වයස අවුරුදු 38 ක් වු මංගල සිසිර කුමාරසිරි නැමති සමඟි මාවත, උඩහමුල්ල, නුගේගොඩ ලිපිනයේ පදිංචිකරුවෙකි.

මේ පිළිබඳ වැඩිදුර පරීක්ෂණ පොලීසිය විසින් සිදු කරනු ලබයි.

Read more

Local News