මෙන්න අද කාලගුණ තත්ත්වය

Share

දිවයිනේ බොහෝ ප්‍රදේශවල සවස් කාලයේ ගිඟුරුම් සහිත වැසි ඇති වීමේ හැකියාව තවදුරටත් ඉහළ මට්ටමක පවතින බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.

දිව‍යිනේ බොහෝ ප්‍රදේශවල සවස 2.00 න් පසුව වැසි හෝ ගිඟුරුම් සහිත වැසි ඇති ‍වෙයි.

මධ්‍යම, සබරගමුව, දකුණු, බස්නාහිර හා ඌව පළාත්වලත් අනුරාධපුර දිස්ත්‍රික්කයේ ඇතැම් ස්ථානවල මිලිමීටර 75-100 ක පමණ තරමක තද වැසි ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කරයි.

බස්නාහිර හා දකුණු පළාත්වලත් පුත්තලම, අම්පාර හා මඩකලපුව දිස්ත්‍රික්කවලත් උදෑසන කාලයේ දී වැසි ඇති විය හැකියි.

සබරගමුව, මධ්‍යම, ඌව හා උතුරු මැදි පළාත්වල ඇතැම් ස්ථානවල උදෑසන කාලයේ දී මීදුම් සහිත තත්ත්වයක් බලාපොරොත්තු විය හැකියි.

ගිඟුරුම් සහිත වැසි සමඟ තාවකාලික තද සුළං ද ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.

Read more

Local News