බුලත්කොහුපිටියේ අනතුරකින් පුද්ගල‌යෙක් මරුට

Share

බුලත්කොහුපිටිය, තන්ණිමලේ හංදියේදී ඊය‌ේ (07) පස්වරු‌වේ සිදුවූ අනතුරකින් පුද්ගලයෙකු ජීවිතක්ෂයට පත්ව තිබේ.

තන්ණිමලේ හංදියේ සිට නෙවිස්මියර් දක්වා වූ අතුරු මාර්ගයේ යටිදැරිය ප්‍රදේශයේදී තන්ණිමලේ හංදියේ සිට නෙවිස්මියර් දෙසට ධාවනය වූ යතුරු පැදිකයක් රියදුරුට පාලනය කර ගැනීමට නොහැකිව පෙරළී මෙම අනතුර සිදුව තිබේන බව ‌පොලිසිය පවසයි.

මෙම අනතුරින් මිය ගොස් ඇත්තේ යටිදැරියවත්ත, තන්ණිමලේ ලිපිනයේ පදිංචි 21 හැවිරිදි පුද්ගලයෙකි.

බුලත්කොහුපිටිය පොලීසිය අනතුර සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන සිදු කරයි.

Read more

Local News