කටානේ දී පුද්ගලයෙකුට ‌පොලුවලින් පහර දී ඝාතනය කරයි

Share

කටාන පොලිස් වසමේ දිසාගේවත්ත, කටාන යන ප්‍රදේශයේ දී ඊ‌යේ (07) දින පුද්ගලයෙකුට හා කාන්තාවකට සිව් දෙනෙකු පොලුවලින් පහර දී තිබේ.

පොලුපහර හේතුවෙන් බරපතළ තත්ත්වයෙන් සිටි කාන්තාව හා පිරිමි පුද්ගලයා මීගමුව රෝහලට ඇතුළත් කිරීමේ දී පිරිමි පුද්ගලයා මිය ගොස් ඇති බව පොලීසිය පවසයි.

මෙසේ මියගොස් ඇත්තේ වයස අවුරුදු 52 ක් වු ශාන්ත ආනා මාවත, නැගෙනහිර, කළුවාරිප්පුව යන ලිපිනයේ පදිංචි සිංගප්පුලිගේ සුනිල් ශාන්ත යන අයෙකි.

මෙම පහර දීම පෞද්ගලික ආරවුලක් මත සිදුව ඇති බව අනාවරණය වී තිබේ.

කෙසේ වෙතත් සැකකරුවන් තිද‌ෙන‌ෙක් මේ වන විට පොලීසිය අත්අඩංගුවට ගෙන ඇත.

තවත් එක් සැකකරුවෙක් අත්අඩංගුවට ‍ගැනීමට පරීක්ෂණ සිදු කරයි.

සැකකරුවන් අද (08) මීගමුව මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිත බවද පොලීසිය පවසයි.

Read more

Local News