සැකකරුවකු පලා යාම නිසා කොස්තාපල්වරය‌ෙ‌ක්ගේ සේවය අත්හිටුවයි

Share

පොලිස් අත්අඩංගුවේ සිටි සැකකරුවෙකු සිර මැදිරියෙන් පලා යාම සම්බන්ධයෙන් බෙලිඅත්ත පොලිස් ස්ථානයට අනුයුක්තව සේවය කල පොලිස් කොස්තාපල්වරයකුගේ සේවය අත්හිටුවා තිබේ.

බෙලිඅත්ත පොලිස් ස්ථානයේ සිර මැදිරියෙහි රඳවා සිටියදී සැකකරු අත්අඩංගුවෙන් මිදී ඊයේ (07) දහවල් පැනගොස් තිබිණි.

සැකකරු සිර මැදිරියෙන් පැන ගිය අවස්ථාවේදී රාජකාරියේ යෙදී සිටි පොලිස් කොස්තාපල්වරයාගේ සේවය අත්හිටුවීමට කටයුතු කළ බවයි සහකාර පොලිස් අධිකාරී සනත් අමරසිංහ මහතා කියා සිටියේ.

Read more

Local News