උතුරේ බිමිබෝම්බ ඉවත්කිරී‌මේ කටයුතු නිරික්ෂණයට ඇමරිකානු නියෝජිතයින් පිරිසක් යාපනයට

Share

උතුරේ බිම්බෝම්බ ඉවත් කිරීමේ අවසන් අදියර යටතේ සිදුකෙරෙන යාපනය, මුහමාලෙයි හා පලෙයි ප්‍රදේශයේ බිම්බෝම්බ ඉවත් කිරීමේ කටයුතු නිරීක්ෂණය කිරීම වෙනුවෙන් ඇමරිකානු  රාජ්‍ය නියෝජිතයින් කණ්ඩායමක් ඊයේ (07) දින සංචාරයක නිරත වූහ.

යුද්දෙන් පසුව උතුරු නැගෙනහිර බිම්බෝම්බ ඉවත් කිරීමේ කටයුතු ආරම්භ කල රාජ්‍ය හා රාජ්‍ය නොවන සංවිධානවල බිම්බෝම්බ ඉවත් කිරිමේ කටයුතු අවසන් අදියරට එළඹ ඇති අතර උතුරේ බිම්බෝම්බ ඉවත් කිරීම සඳහා තවත් ඉතිරිව ඇත්තේ වර්ග කිලෝමීටර් 18 ක් වැනි ප්‍රදේශයක් වන අතර 2020 වසර වන විට බිම්බෝම්බ වලින් තොර ශ්‍රී ලංකාවක් බවට පත්වනු ඇතැයි බිම්බෝම්බ ඉවත් කිරීමේ නිරත සංවිධාන විසින් පෙන්වා දෙයි.

ඇමරිකානු රජයේ මුල්‍ය දායකත්වය යටතේ බිම්බෝම්බ ඉවත් කිරීමේ සංවිධාන විසින් යාපනය, මුහමාලෙයි හා පලෙයි ප්‍රදේ‍ශයේ බිම්බෝම්බ ඉවත් කිරීමේ කටයුතු සිදුකරනු ලබයි.

බිම් බෝම්බ ඉවත් කිරීමේ සංවිධාන විසින් නිරීක්ෂණ චාරිකාවට එක්ව ඇමරිකානු නියෝජිතයින් දැනුවත් කරමින් පවසා සිටියේ ජනතාව‍ගේ වගා ඉඩම් හා ජනතාව මුල් පදිංචිව සිටි බ්ම් කොටස්වල මෙන්ම රජයේ ඉඩම්හි බිම්බෝම්බ ඉවත් කිරීම මේ වන විට සිදුකරමින් පවතින බවයි.

එහිදී බිම්බෝම්බ ඉවත් කිරීමේ සංවිධාන මගින් මුහමාලෙයි හා පලෙයි ප්‍රදේශයන්හි වළදමා තිබියදී සොයාගත් බිම්බෝම්බ, මරඋගුල් ආදි බෝම්බ ප්‍රදර්ශනය කරන ලද අතර බිම්බෝම්බ ඉවත් කිරීමේ කටයුතු කඩිනමින් සිදු කිරීම සම්බන්ධයෙන් ඇමරිකන් රාජ්‍ය නියෝජිතයින් විසින් ප්‍රශංසා  කරන ලදි.

Read more

Local News