උතුරු පළාතේ ආරක්ෂාව සම්බන්ධයෙන් අප වගකිව යුතුයි

Share

ප්‍රජාතන්ත්‍රවාදය තහවුරු වීමට නම් සැබෑ යුක්තිය සහ සාධාරණත්වය තිබිය යුතු බව උතුරු පළාත් ආණ්ඩුකාර ආචාර්ය සුරේන් රාඝවන් මහතා පවසයි.

යුක්තිය හෝ සාධාරණත්වය නොමැති සමාජයක ප්‍රජාතන්ත්‍රවාදය ඉල්ලා සිටීම හරියට මුල් නොමැති ගසක පලතුරු සෙවීම හා සමාන බවද ඒ මහතා පෙන්වා දෙයි.

“උතුරු පළාතේ ආරක්ෂාව සම්බන්ධයෙන් අප ද වගකිව යුතුය” යන තේමාව යටතේ ආණ්ඩුකාර මහලේකම් කාර්යාලයේ ඊයේ (07) පැවති මාර්ග ආරක්ෂණ සතියේ සමාරම්භක උත්සවයට සහභාගී වෙමින් ආණ්ඩුකාරවරයා මේ බව සඳහන් කළේය.

උතුරු පළාත් ආණ්ඩුකාරවරයාගේ මඟ පෙන්වීම අනුව උතුරු පළාතේ මාර්ග අනතුරු පාලනය කිරීමේ අරමුණින් පළාතේ දිස්ත්‍රික්ක පහේ මාර්ග ආරක්ෂණ සතිය ක්‍රියාත්මක කරනු ලැබේ.

ආණ්ඩුකාර ලේකම්, රජයේ නිලධාරීන්, උතුරු පළාත් මාර්ග මගී සහ ප්‍රවාහන අධිකාරියේ සභාපති, මෝටර් රථවාහන දෙපාර්තමේන්තුවේ කොමසාරිස්, උතුරු පළාත් මාර්ග ආරක්ෂණ කවුන්සිලයේ ප්‍රධානී, පාසල් ළමුන් සහ ආණ්ඩුකාර ලේකම් කාර්යාලයේ නිලධාරීන් ද මෙම අවස්ථාවට සහභාගී වූහ.

“මාර්ගයේ ගමන් කරන විට රථවාහන නීති රීති අනුගමනය කරන බවට දිවුරුම් දෙමි. එමඟින් සිදුවන අනතුරු අවම කිරීම, අත් පා අහිමි වීම සහ තුවාල හේතුවෙන් ඇති වන දුක්ගැනවිලි අවම කිරීමට මම දායක වෙමි. මම අයුක්තියට එරෙහිව සටන් කරන්නෙමි. ” යනා දී වශයෙන් ඔවුන් ප්‍රතිඥාවක් ලබා දුන්හ.

උත්සවය ජනතාව අතරට ගෙන යාම සඳහා ආණ්ඩුකාරවරයා පාසල් ළමුන් සමඟ බැලූනයක් ගුවන්ගත කළ අතර වීදි ආරක්ෂණ සතිය සඳහා සිසුන්ට තොප්පි ලබා දෙන ලදී.

ආරක්ෂාව සඳහා වීදිවල තැබීමට නියමිතව තිබූ පොලිස් නිලධාරිගේ අනුරූ ඡායාරූප මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ කොමසාරිස් සුජීවා සිවදාස් මහත්මිය විසින් රථවාහන පොලිසියට භාර දෙන ලදී.

පයින්ට් පේද්‍රෝ දුම්රිය ස්ථානයේ සහ පොයින්ට් පේද්‍රෝ රෝහලේ මාර්ග ආරක්ෂණ සතිය පිළිබඳ ජනතාව දැනුවත් කිරීම සදහා වීදි නාට්‍යයක් මෙයින් අනතුරුව පවත්වන ලදී.

මෙම මාර්ග ආරක්ෂණ සතිය සනිටුහන් කිරීම සඳහා, සිකුරාදා (11) පෙරවරු 9.00 ට අදාළ දිස්ත්‍රික් ලේකම්වරුන්ගේ අනුග්‍රහය යටතේ උතුරු පළාතේ සියලුම දිස්ත්‍රික්කවල මහජන රැලි පැවැත්වීමට සංවිධානය කර ඇත.

Read more

Local News