හදිසි නීතියට එරෙහිව ගොනු කළ පෙත්සම ඉල්ලා අස්කර ගනී

Share

පාස්කු ඉරු දින එල්ල කෙරුණු ත්‍රස්ත ප්‍රහාර මාලාවෙන් අනතුරුව හදිසි නීතිය පැනවීමට ජනාධිපතිවරයා ගත් තීරණය නීති විරෝධී යැයි ප්‍රකාශ කරන මෙන් ඉල්ලා ගොනු කරන ලද මූලික අයිතිවාසිකම් පෙත්සමක් අද (08) ශ්‍රේෂ්ඨාධිකරණය වෙතින් ඉල්ලා අස්කර ගත්තේය.

විකල්ප ප්‍රතිපත්ති කේන්ද්‍රය විසින් අදාළ පෙත්සම ඉදිරිපත් කර තිබුණි.

එම පෙත්සම අද බුවනෙක අලුවිහාරේ, එල්. ටී.බී. දෙහිදෙණිය සහ ප්‍රීති පද්මන් සූරසේන යන මහත්වරුන්ගෙන් සමන්විත ත්‍රිපුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ල ඉදිරියේ කැඳවනු ලැබීය.

එහිදී පෙත්සම්කාර පාර්ශවයේ නීතිඥවරයා අධිකරණයට දන්වා සිටියේ හදිසි නීතිය මේ වන විට ඉවත් කරගෙන ඇති බැවින් මෙම පෙත්සම තවදුරටත් පවත්වාගෙන යාමේ අවශ්‍යතාවයක් නොමැති බවයි.

ඒ අනුව පෙත්සම ඉල්ලා අස්කර ගැනීමට අවසර දෙන ලෙස ද නීතිඥවරයා අධිකරණයෙන් ඉල්ලා සිටියේය.

ඒ අනුව පෙත්සම ඉල්ලා අස්කර ගැනීමට අවසර දුන් ශ්‍රේෂ්ඨාධිකරණය ඉවත දැමීමට තීන්දු කළේය.

Read more

Local News