මම දස රාජ ධර්මයෙන් රට පාලනය කරනවා – සජිත්

Share

මහා සංඝරත්නය මෙන්ම ජනතාව ඉදිරියේ තමන් මින් පෙර ප්‍රකාශ කළ පරදි දස රාජ ධර්මයෙන් රට පාලනය කරන බව එක්සත් ජාතික පෙරමුණේ ජනාධිපතිධුර අපේක්ෂක නිවාස සහ ඉදිකිරීම් අමාත්‍ය සජිත් ප්‍රේමදාස මහතා පවසයි.

ජනාධිපතිවරණය සඳහා නාම යෝජනා ලබා දීමෙන් පසුව පළමුව අද (08)  පෙරවරුවේ මහනුවරට පැමිණි ඒ මහතා ප්‍රථමයෙන් ශ්‍රී දළදා මාළිගාවට පැමිණ දළඳා සමිඳුන් වැඳ  පුදාගත් අතර ඉන් අනතුරුව භික්ෂූන් වහන්සේ 600 නමකගේ සහභාගීත්වයෙන් නාථ  දේවාල භූමියේ සෙත් පිරිත් සජ්ඤායනයක්ද පැවැත්විණ.

එම අවස්ථාවේදි මාධ්‍ය වේදින් නැගු ප්‍රශ්න සඳහා පිලිතුරු ලබා දෙමින් මන්ත්‍රීවරයා මේ බව පැවසීය.

එමෙන්ම ජනාධිපති අපේක්ෂකයෙකු ලෙස සිය ප්‍රථිපත්ති ප්‍රකාශනය කුමක්ද යනුවෙන් කළ ප්‍රශ්නයකට පිලිතුරු දෙමින් ඒ මහතා පැවසුවේ සිය ප්‍රතිපත්ති ප්‍රකාශනය යුතු හුදෙක් කොළ කැබලි කිහිපයක් හො පොතක් නෙවන බවයි.

සිය ප්‍රතිපත්ති ප්‍රකාශනය රටට සේම මහජනතාව සමඟ ඇති කර ගන් ගිවිසුමක් බවද මන්ත්‍රීවරයා එම අවස්ථාවේදි ප්‍රකාශ කළේය.

සෑම පුරවැසියෙකු මෙන්ම සෑම තරාතිරමක කෙනෙකුටම ගැලපෙන පරිදි සිය ප්‍රතිපත්ති ප්‍රකාශනය සකසා නොබො දිනකදි එය ඉදිරිපත් කිරීමට සැලසුම් කර ඇති බව මන්ත්‍රීවරයා පවසයි.

තමන් ජනාධිපති වුවහොත් මාධ්‍යවේදින් සම්බන්දයෙන් ගන්නා පියවර කුමක්ද යනුවෙන් කළ ප්‍රශ්න කිරීමකදී මන්ත්‍රීවරයා පැවසුවේ නිවාස ගැටළු පවතින සියළු මාධ්‍යවේදීන් සඳහා මාධ්‍ය ගම්මාන සදා ඒ සඳහා අවශ්‍ය කටයුතු සිදු කරන බවයි.

එහිදි පැවති සෙත් පිරිස් සජ්ඤායනය අස්ගිරි පාර්ශවයේ  අනුනායක අති පූජ්‍ය වේඩරුවේ ශ්‍රී  උපාලි නාහිමියන්ගේ සහ මල්වතු පාර්ශවයේ අනුනායක  අති පූජ්‍ය නියංගොඩ  ශ්‍රී විජිතසිරි නාහිමියන්ගේ මූලිකත්වෙයන් ත්‍රෛනිකායික භික්ෂූන් වහන්සේලා 500 ක් නමකගේ සහභාගීත්යෙන් පැවැත්විණ.

ඉන් අනතුරුව  ජනාධිපතිධුර අපේක්ෂක සජිත් ප්‍රේමදාස මහතා මල්වතු මහා විහාරයට ගොස් මල්වතු පාර්ශවයේ මහානායක අති පූජ්‍ය තිබ්බටුවාවේ ශ්‍රී සිද්ධාර්ථ සුමංගල මහ නාහිමියන් බැහැ දැක ආශිර්වාද ලබා ගත් අතර පසුව අස්ගිරි මහා විහාරයට ගොස් අස්ගිරි පාර්ශවයේ මහා නායක අති පූජ්‍ය වරකාගොඩ ශ්‍රී ඥාණරතන මහ නා හිමියන් බැහැ දැක ආශිර්වාද ලබා ගත්තේය.

Read more

Local News