කළුතර ඇතුළු ප්‍රදේශ කීපයකට අද ජල අත්හිටුවයි

Share

කළුතර, වාද්දුව, බේරුවල, අළුත්ගම ඇතුළු ප්‍රදේශ කිහිපයකට අද (09) පැය 12 ක කාලයක් ජල සැපයුම අත්හිටුවන බව ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය පවසයි.

විදුලිබල මණ්ඩලයේ අත්‍යවශ්‍ය නඩත්තු කටයුත්තක් හේතුවෙන් කෙත්හේන ජල පවිත්‍රාගාරයේ විදුලි සැපයුම අත්හිටුවීම මීට හේතු වී ඇති බවයි එම මණ්ඩලය පෙන්වා දෙන්නේ.

ඒ අනුව අද පෙරවරු 8.00 සිට රාත්‍රී 8.00 දක්වා වාද්දුව, වස්කඩුව, පොතුපිටිය, කළුතර, කටුකුරුන්ද, නාගොඩ, පයාගල, පිලමිනාවත්ත, බෝම්බුවල, මග්ගොන, බේරුවල, කළුවාමෝදර, මොරගල්ල, අළුත්ගම, දර්ගා නගර් හා බෙන්තොට යන ප්‍රදේශවලට ජල සැපයුම අත්හිටුවනු ඇති.

Read more

Local News