හොරකම් නොකරන පාලනයක් හදන්න පුළුවන් කාටද ?

Share

රට ගොඩ නැගිමටනම් හොරකම් නොකරන පාලනයක් ගොඩනැගිය යුතු බව ජාතික ජනබල ව්‍යාපාරයේ ජනාධිපතිධුර අපේක්ෂක අනුර කුමාර දිසානායක මහතා පවසයි.

ඔහු මේ බව ප්‍රකාශ කළේ තඹුත්තේගම ඊයේ(08) පැවති ජනහමුවක් අමතමින්.

ජනබල ව්‍යාපාරයේ ජනාධිපති අපේක්ෂක අනුර කුමාර මහතා නාමයෝජනා බාර දීමෙන් පසු පැවැත් වු පළමු රැළිය මෙයයි.

මෙහිදී අදහස් දක්වමින් මන්ත්‍රීවරයා පවසා සිටියේ, හොරකම නැවැත්වීමට එක වතාවක් බලය තමාට දෙන ලෙසයි.

මහජනතාවගේ දේපල සතයක් හොරකම් නොකරපු මිනිසුන් වශයෙන් ජනතාවට ඔවුන්ගේ ජීවිත වෙත එබි බලන්නැයි ද අනුර කුමාර මහතා මෙහිදී පැවසීය.

එනිසා රට ගොඩනගන්නේ නම් පාලකයා හොරකම් නොකළ යුතුයි යනුවෙන් පැවසු මන්ත්‍රීවරයා, පාලනය හොරකම් නොකරන පාලනයක් විය යුතු අතර, එය ගොඩනැඟිය හැක්කේ කාට ද යනුවෙන් ප්‍රශ්න කර සිටියේය.

ජනාධිපතිවරණයට ඉදිරිපත් වෙන පක්ෂ දෙකේ කාට හෝ පැමිණ අපි මේ රටේ හොරකම නතර කරනවා යනුවෙන් පැවසිය හැකි දැයි අසා සිටි අනුර කුමාර මහතා, තමන්ගේ ජීවිතවලට එබී බැලිය හැකි බවත් හොරකම් නොකරන පාලනයක් හැඳිය හැක්කේ ජාතික ජන බලවේගයට පමණක් බවත් පැවසීය.

Read more

Local News