ගෝඨා වෙනුවෙන් අපි කැපවෙනවා – තිලංග

Share

සියලු බලවේග එක් කරගනිමින් පුළුල් මැතිවරණ ව්‍යාපාරයකට අවතීර්ණ වී ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ජයග්‍රහණය වෙනුවෙන් කටයුතු කිරීමට බලාපොරොත්තු වන බව එක්සත් ජනතා නිදහස් සන්ධාන පාර්ලිමේන්තු මන්ත්‍රී තිලංග සුමතිපාල මහතා පවසයි.

මොරටුව ප්‍රදේශයේ ඊයේ පැවති ආසන බල මණ්ඩල රැස්වීමෙන් අනතුරුව මාධ්‍යයට අදහස් දක්වමින් ඔහු මේ බව කියා සිටියේය.

ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ජයග්‍රහණය වෙනුවෙන් පක්ෂයක් ලෙස විශාල කැප කිරීමක් සිදු කිරීමට බලාපොරොත්තු වන බවත් ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ ලාංඡනය යටතේ ගෝඨාභය රාජපක්ෂ මහතා තරඟ වැදීම පිළිබඳව ද එකඟත්වය පල කළ බවත් ඒ මහතා වැඩිදුරටත් පැවසීය.

කෙසේ වෙතත් සන්ධානගත වීම සිදු වන්නේ පුටුව ලකුණින් බවත් ඒ මහතා ප්‍රකාශ කළේය.

Read more

Local News