සියලු ජාතීන්ට සාධාරණය ඉටු කළ නායකයෝ දෙදෙනෙක් මෙන්න

Share

ගෝඨාභය රාජපක්ෂ මහතා රටේ සෑම ජන කොටසකගේම ආරක්ෂාව තහවුරු කරන බව එක්සත් ජනතා නිදහස් සන්ධාන පාර්ලිමේන්තු මන්ත්‍රී සුසිල් ප්‍රේමජයන්ත් මහතා පවසයි.

මුස්ලිම් ප්‍රජාව සමග ඊයේ පස්වරුවේ පැවති උත්සවයකට එක්වෙමින් ඒ මහතා මේ බව ප්‍රකාශක කළේය.

මෙරටට සෞභාග්‍යයක් උදා කළ හැක්කේ සැමට එක සේ සළකන ගෝඨාභය රාජපක්ෂ මහතාට බවත් ඒ මහතා ප්‍රකාශ කළේය.

එම උත්සවයකට එක්වෙමින් පාර්ලිමේන්තු මන්ත්‍රී කංචන විජේසේකර මහතා ද අදහස් පළ කළේය.

ඔහු ප්‍රකාශ කළේ මුස්ලිම් සමාජයේ ඉහළින්ම සිටින පිරිස ගෝඨාභය රාජපක්ෂ මහතාට සිය සහයෝගය ලබා දෙන බවයි.

මේ රටේ සිටින සියලු ජාතීන්ට සාධාරණය ඉටු කළ නායකයෝ දෙදෙනෙක් සිටීනම් ඒ මහින්ද රාජපක්ෂ හා ගෝඨාභය රාජපක්ෂ බවත් කංචන විජේසේකර මහතා පැවසීය.

Read more

Local News