මහින්දගේ සංවර්ධනය හොඳ නෑ කියපු අය ඡන්දෙ ඕන වෙද්දි කළ දේ

Share

රාජපක්ෂ රජයේ සංවර්ධන ව්‍යාපෘති විවේචනය කළ පිරිස් උතුරේ ඡන්ද ලබාගැනීමේ අරමුණින් පලාලි ගුවන්තොටුපොල ජාත්‍යන්තර ගුවන්තොටුපොලක් බවට පත් කිරීමට සූදානම් වන බව එක්සත් ජනතා නිදහස් සන්ධාන පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා පවසයි.

හම්බන්තොට අඟුණුකොළපැලැස්ස ප්‍රදේශයේ පැවති ජනහමුවක් අමතමින් මන්ත්‍රීවරයා මේ බව සඳහන් කළේය.

වැඩ බිමක්ව තිබු මේ බිම පසුගිය කාලයේ දී මුඩු බිමක් බවට පත්ව ඇතැයි පැවසු මන්ත්‍රීවරයා, හම්බන්තොට හා මත්තල ගුවන් තොටුපලවල් කුණු කොල්ලයට විකුණා ඇතැයි ද පැවසීය.

යහපාලන ආණ්ඩුව විසින් මත්තල ගුවන් තොටුපල මහින්ද රාජපක්ෂ මහතා විසින් සැදු නිසා හොඳ නෑ යනුවෙන් පවසන බවද කියා සිටි නාමල් රාජපක්ෂ මහතා, දෙවන ජාත්‍යන්තර ගුවන් තොටුපලක් රටට අවශ්‍යයි කියා එජාපය කඩිනමින් පලාලි ගුවන් තොටුපල ජාත්‍යන්තර ගුවන් තොටුපලක් බවට පත් කර ඇතැයි ද කියා සිටියේය.

යාපනයට ගුවන් තොටුපලක් දෙන්න එපා කියනවා නොවේ යනුවෙන් පැවසු මන්ත්‍රීවරයා, මහින්ද රාජපක්ෂ මහතාට තිබු සැලැස්ම හොඳ නෑ යනුවෙන් පැවසු අය යාපනයේ හා උතුරේ ඡන්ද ටික අවශ්‍ය වන විට යාපනය ගුවන් තොටුපල ජාත්‍යන්තර ගුවන් තොටුපලක් බවට පත් කරන බවත් පැවසීය.

Read more

Local News