පූජිත්-හේමසිරි රක්ෂිත බන්ධනාගාර ගත කරන්න නියෝග

Share

පාස්කු ඉරුදින එල්ල කෙරුණු ත්‍රස්ත ප්‍රහාර මාලාව වළක්වා ගැනීමට කටයුතු නොකිරීම සම්බන්ධයෙන් මිනීමැරුම සම්බන්ධයෙන් ඇප මත මුදාහැර සිටින හිටපු ආරක්ෂක ලේකම් හේමසිරි ප්‍රනාන්දු සහ පොලිස්පති පූජිත් ජයසුන්දර ඇපමත මුදා හරිමින් කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය විසින් දී තිබූ නියෝගයක් අද(09) කොළඹ මහාධිකරණය විසින් ඉවත් කරනු ලැබීය.

නීතිපතිවරයා විසින් ඉදිරිපත් කළ ප්‍රතිශෝධන පෙත්සමක තීන්දුව දෙමින් කොළඹ මහාධිකරණ විනිසුරු විකුම් කළුආරච්චි මහතා විසින් මෙම නියෝගය කළේය.

ඒ අනුව හේමසිරි ප්‍රනාන්දු සහ පූජිත් ජයසුන්දර යන සැකකරුවන් රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස මහා දිගන විනිසුරුවරයා වැඩිදුරටත් නියෝග කළේය.

මෙම සැකකරුවන්ට ඇප ලබා දීමේදී කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත්වරිය තමන්ට නැති බලයක් නිර්මාණය කරගනිමින් නීතිය අභිබවා ගොස් ඇප නියෝගය ප්‍රකාශයට පත්කර ඇති බවද මහාධිකරණ විනිසුරු විකුම් කළුආරච්චි මහතා සිය තීන්දුවෙන් සඳහන් කර තිබේ.

Read more

Local News