ධීවර හා නාවික ප්‍රජාවට කාලගුණයෙන් රතු නිවේදනයක්

Share

පුත්තලම සිට ගාල්ල හරහා මාතර දක්වා මුහුදු ප්‍රදේශ ක්ෂණික ඉතා රළු වීමට ඉඩ ඇති බැවින් ඒ පිළිබඳව ධීවර හා නාවික ප්‍රජාව දැඩි අවධානය යොමු කරන ලෙස කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව දැනුම් දෙයි.

තද වැසි හා තද සුළං පිළිබඳ අනතුරු ඇඟවීමේ නිවේදනයක් නිකුත් කරමින් එම දෙපාර්තමේන්තුව සඳහන් කළේ, අදාළ මුහුදු ප්‍රදේශවල සුළගේ වේගය පැයට කිලෝමීටර් 70 – 80 ත් දක්වා ඉහළ යා හැකි බව ය.

මේ අතර මධ්‍යම, සබරගමුව, දකුණු බස්නාහිර සහ ඌව පළාත්වලත් අනුරාධපුර දිස්ත්‍රික්කයේත් ඇතැම් ස්ථානවලට මිලිමීටර් 75 – 100ත් අතර තද වැසි ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.

Read more

Local News