ගම්පොළ දී අතුරුදන් වු පාසල් ගුරුවරියගේ මළ සිරුර හඳුනා ගනියි

Share

අතුරුදන්ව සිටි ගම්පොළ පාසල් ගුරුවරියගේ මළ සිරුර වික්ටෝරියා ජලාශයේ රැඳී තිබීයදී ගොඩගැනීමෙන් අනතුරුව ඊයේ උදෑසන මව්පියන් සහ ඥාතීන් විසින් හඳුනාගෙන ඇත.

ඒ ඇය අතුරුදන් වීමෙන් දින හයකට පසුවයි.

ගම්පොල කීරපනේ පදිංචි 27 හැවිරිදි නිසංසලා රත්නායක හැටන් ශ්‍රී පාද විද්‍යාලයේ ගුරුවරියක ලෙස සේවය කරන අතර පාසලේ සිට ගම්පොල නගරය ආසන්නයේ පිහිටි සිය නිවසට පැමිණෙමින් සිටිය දී අබිරහස් ලෙස අතුරුදන් වන්නේ ඉකුත් 01වනදායි.

නිවසට මීටර් 100ක පමණ දුරින් පිහිටි වෙළෙඳසැලක CCTV දර්ශන පරීක්ෂා කිරීමේදී ඇය අමතර පන්තියක් නිමකොට නිවසට පැමිණෙන ආකාරය සටහන්ව තිබුණත් සවස් වනතුරුම ඇය නිවසට නොපැමිණීම හේතුවෙන් මව්පියන් ඒ පිළිබඳව ගම්පොල පොලිසියට පැමිණිලි කිරීමට පියවර ගෙන තිබුණි.

කෙසේවෙතත් අතුරුදන් වූ පාසල් ගුරුවරියගේ මළසිරුර තලාතුඔය පොලිසිය විසින් පෙරේදා රාත්‍රියේ සොයාගන්නේ මහනුවර හාරගම ප්‍රෙද්ශයේ ඇඟලුම් කම්හලක් අසල වික්ටෝරියා ජලාශයේ පාවෙමින් තිබියදීයි.

මේ අතර ප්‍රෙද්ශයේ අනාරක්ෂිත කාණු පද්ධතියකට වැටී ජල පහරට හසුවීමෙන් තරුණිය ගසාගෙන යන්නට ඇතැයි ඥාතීන් සැක පළ කරන්නේ අසල්වැසි කාන්තාවකද මීට පෙර එවැනි සිදුවීමකට මුහුණ දී දිවි බේරාගැනීම හේතුවෙන්.

සිද්ධිය සම්බන්ධයෙන් ගම්පොල පොලීසිය මඟින් වැඩිදුර පරීක්ෂණ ක්‍රියාත්මකයි.

Read more

Local News