සිසුවියන් 07ක් අපයෝජනය කළ විදුහල්පති යළි රිමාන්ඩ්

Share

කොත්මලේ ප්‍රදේශයේ පාසලක පාසල් සිසුවියන් හත් දෙනෙකු අපයෝජනය කළේයැයි කියන සිද්ධියක් සම්බන්ධයෙන් රක්ෂිත බන්ධනාගාර ගත කර සිටි විදුහල්පතිවරයෙකු තවදුරටත් රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට නියෝග අධිකරණය නියෝග කර ඇත.

කොත්මලේ කලාප අධ්‍යාපන කාර්යයාලය යටතේ පාලනය වන දමිළ පාසලක සිසුවියන් හත් දෙනෙකු අපයෝජනය කළේයැයි කියන සිද්ධියක් සම්බන්ධයෙන් කොත්මලේ පොලීසිය මඟින් සැක පිට අත්අඩංගුවට ගෙන අද (09) දින දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කර සිටි එම විදුහලේ විදුහල්පතිවරයා අද කොත්මලේ හෙල්බොඩ සංචාරක මහෙස්ත්‍රාත් අධිකරණයේ මහෙස්ත්‍රාත් චාන්දනී මිගොඩ මහත්මිය වෙත ඉදිරිපත් කිරීමෙන් අනතුරුව යළිත් මේ මස 23 දක්වා රක්ෂිත බන්ධනාගාර කිරීමට මහෙස්ත්‍රාත්වරයා නියෝග කර ඇත.

මෙසේ රක්ෂිත බන්ධනාගාර ගත කරනු ලැබුවේ කයිබු ඥානවඩිවු නැමති තිදරු පියෙකි.

එම විදුහලේ 7,8,9,10 යන ශ්‍රේණි වල අධ්‍යාපනය ලබන සිසුවියන් හත් දෙනෙකු අවස්ථා කිහිපයකදී විදුහල්පතිවරයා විසින් වරින් වර අපයෝජනය කළේ යැයි කියන සිද්ධියක් සම්බන්ධයෙන් කොත්මලේ පොලීසියට ඉකුත් 7 වෙනිදා ලද පැමිණිල්ලක් මත පොලීසිය මඟින් විදුහල්පතිවරයාව සැකපිට අත්අඩංගුවට ගෙන එදින මනාවලපිටිය වැඩ බලන මහෙස්ත්‍රාත් මාස්වෙල මහත්මිය වෙත ඉදිරිපත් කිරිමෙන් අනතුරුව සැකකරුව අද දින දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කිරිමට මහෙස්ත්‍රාත්වරිය නියෝග කර තිබුණි.

විදුහල්පතිවරයාගේ බිරිඳ ද එම විදුහලේ ගුරුවරියක් වශයෙන් සේවය කරන බවත්, විදුහල්පතිවරයා විසින් අපයෝජනය කළේ යැයි කියන සිසුවියන් විසින් අවස්ථා කිහිපයකදී පැමිණිලි කලත් ඒ පිළිබඳව විදුහල්පතිගේ බිරිඳ කිසිදු පියවරක් නොගත් බවත්, සිසුවියන් විසින් පොලීසියට කරන ලද පැමිණිල්ලේ සඳහන් කර ඇත.

අපයෝජනයට ලක් වු බව යැයි කියන සිසුවියකට උදරයේ අමාරුවක් ඇති වි අතර පසුව ඇය විසින් උදරයේ අමාරුව ඇති වීමට හේතුව වශයෙන් සිය මවට පවසා ඇත්තේ විදුහල්පතිවරයා විසින් තමන්ව වරින් වර අපයෝජනයට ලක් කල බවයි.

තම පාසලේ තවත් සිසුවියන්  කිහිප දෙනෙකු විදුහල්පතිවරයා විසින් අපයෝජනය කරන බවට රෝගාතුර වු සිසුවිය පැවසීමෙන් අනතුරුව එම සිසුවියන්ගෙන්ද කොත්මලේ පොලීසිය විසින් පැමිණිලි සටහන් කර ගැනීමෙන් අනතුරුව සිසුවියන් හත්දෙනාම අධිකරණ වෛද්‍ය පරීක්ෂණයක් සඳහා ගම්පොල මුලික රෝහලේ අධිකරණ වෛද්‍යවරයා වෙත යොමු කර ඇත.

රක්ෂිත බන්ධනාගාර ගත කර ඇති විදුහල්පතිවරයා වහාම ක්‍රියාත්මකවන පරිදි ස්ථානමාරු කරන ලෙසට මධ්‍යම පළාත් ආණ්ඩුකාර කීර්ති තෙන්නකොන් මහතා ඊයේ (08) හමු වු ලංකා කම්කරු කොන්ග්‍රසයේ නායක නුවරඑලිය දිස්ත්‍රික් පා.ම ආරුමුගන් තොණ්ඩමන් මහතා ඉල්ලීමක්ද කර ඇත.

Read more

Local News