කංජිපානිගේ පියා ඇතුළු සැකකරුවන් 6ක් යළි රිමාන්ඩ්

Share

දැනට රක්ෂිත බන්ධනාගාරගතව සිටින ප්‍රබල මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකු වන කංජිපානි ඉම්රාන් නැමැත්තාගේ පියා සහා ඔහුගේ සොහොයුරා ඇතුළු සැකකරුවන් හය දෙනා ඔක්තෝම්බර් මස 16 වන දින තෙක් රක්ෂිත බන්ධනාගාර ගත කර තිබේ.

ගාල්ල ප්‍රධාන මහේස්ත්‍රාත් හර්ෂණ කැකුණවෙල මහතා විසින් ඊයේ (09) මෙම නියෝගය ලබා දී ඇත.

සැප්තැම්බර් 12 වන දා සවස බූස්ස බන්ධනාගාරයේ, රඳවා සිටින කංජිපානි ඉම්රාන් බැලීමට පැමිණි ඔහුගේ ඥාතීන් සතුව තිබී සැක කටයුතු පාර්සලයක් පරීක්ෂා කිරීමේ දී එහි තිබු ජංගම දුරකථන 2ක් හා චාජර් 2ක් සොයා ගැනීමට හැකි වී ඇති බව වාර්තා වෙයි.

ඒ අනුව රත්ගම පොලීසිය විසින් කංජිපානි ඉම්රාන්ගේ පියා සහ සොහොයුරා ඇතුළු සැකකරුවන් හයදෙනා අත්අඩංගුවට ගැණුනි.

පොලිස් නිලධාරීයෙකුට දුරකථනය මඟින් තර්ජනය කිරීමේ චෝදනාවකට අදාළව ප්‍රබල මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකු වන කන්ජිපානි ඉම්රාන් නැමැත්තා රක්ෂිත බන්ධනාගාර ගත කර සිටියි.

Read more

Local News