ඡන්ද පත්‍රිකා මුද්‍රණය අරඹයි

Share

ජනාධිපතිවරණයට අදාළ නිල ඡන්ද පත්‍රිකා මුද්‍රණය මේ වන විට ආරම්භ වී තිබේ.

රජයේ මුද්‍රණාලයාධිපතිනි ගංගා කල්පනී ලියනගේ මහත්මිය සඳහන් කළේ, පොලිස් ආරක්ෂාව යටතේ දිස්ත්‍රික් මට්ටමින් ඡන්ද පත්‍රිකා මුද්‍රණය ආරම්භ කර ඇති බවයි.

ඒ අනුව මෙවර එක් කෝටි 70 ලක්ෂයකට ආසන්න ඡන්ද ප්‍රතිකා ප්‍රමාණයක් මුද්‍රණය කරන බව ඇය සඳහන් කළාය.

ඡන්ද විමසීම පැවැත්වීමට දින 10 කට පෙර ඡන්ද පත්‍රිකා මුද්‍රණය කර අවසන් කළ යුතු වේ.

මෙවර ඡන්ද පත්‍රිකාව අඟල් 26 ක පමණ දිගකින් යුක්ත වන බව ජාතික මැතිවරණ කොමිෂන් සභාව සඳහන් කළේ ය.

ඒ, අපේක්ෂකයින් 35 දෙනෙකු ඊට තරග කිරීම හේතුවෙනි.

මෙවර ජනාධිපතිවරණයේදී ඡන්දය ප්‍රකාශ කිරීමට සුදුසුකම් ලබා ඇති ඡන්ද දායකයින් සංඛ්‍යාව එක් කෝටි 59 ලක්ෂ 92 දහස් 92 කි.

Read more

Local News