මිත්‍යාව දේශපාලන සංස්කෘතියේ අංගයක් – අනුර

Share

අද වනවිට මිත්‍යාව යන්න දේශපාලන සංස්කෘතියේ අංගයක් බවට පත්ව ඇති බව ජාතික ජනබලවේගයේ ජනාධිපති අපේක්ෂක අනුර කුමාර දිසානායක මහතා පවසයි.

ඊයේ(09) පස්වරුවේ කොළඹ පැවති මහචාර්ය කාලෝ ෆොන්සේකා ගුණසමරුවට එක් වෙමින් ඒ මහතා මේ බව සඳහන් කළේය.

කොළඹ මහජන පුස්ථකාලයේ පැවති මෙම සමරු උත්සවය සංවිධානකර තිබුණේ ශ්‍රී ලංකා හේතුවාදි සංගමය විසින්.

ඊට ජාතික ජනබලවේගයේ ජනාධිපති අපේක්ෂක අනුර කුමාර දිසානායක මහතා ඇතුළු පිරිසක් එක්ව සිටියේය.

මෙම අවස්ථාවට එක්වෙමින් මන්ත්‍රීවරයා පවසා සිටියේ, ජනතාවට කුමක් හෝ ප්‍රශ්නයක් ඇති වු විට කපුමහත්තයා ළඟට ගොස් පැවසීමේ දී එය දෙවියන්ට පැවසීමේ කර්තවය සිදු කරන්නේ ඔහු විසින් බවයි.

අපේ දුක් ගැනවිල්ල කපු මහතාට කියන බවත් ඔහුට දුක්ගැන විල්ලක් ඇති විට ඔහු පැමිණි අපිට කියන බවත් පැවසු අනුර කුමාර මහතා, දෙවුන්දර දේවාලයේ ප්‍රධාන කපුමහත්තයාට වාරණයක් සිදු කර පැත්තටම ඇතුළුවීමට නොදෙන තත්ත්වයක් ඇති වු බවත් පැවසීය.

තමන්ගේ දේවාලයට ඇතුළුවීමට නොහැකි වු විට “කපු මහත්තයා ආවෙත් මං ගාවට“ යනුවෙන් අනුර කුමාර මහතා කියා සිටියේය.

එනිසා බොහෝ කාරණාවල මිත්‍යාව පිරි ඇති බවත් අනෙක් ඒවා ප්‍රධාන දේශපාලන සංස්කෘතියේ අංගයක් බවට පත්ව ඇති බවයි.

Read more

Local News