හිටපු ගුවන් හමුදාපති චීෆ් මාෂල් කපිල ජයම්පතිට නව තනතුරක්

Share

මැලේසියාවේ නව ශ‍්‍රී ලංකා මහකොමසාරිස් ලෙස පත්ව ගිය එයාර් චීෆ් මාෂල් කපිල වීදිය බණ්ඩාර ජයම්පති මහතා එරට 16වන රාජ්‍ය නායක යාන්ග් ඩි පර්ටුආන් අගෝ රජතුමා වෙත පසුගියදා සිය අක්ත පත‍්‍ර භාර දෙනු ලැබීය.

ක්වාලාලම්පූර්, ඉස්තානා නෙගරා හිදී මෙම අක්තපත‍්‍ර භාරදීමේ උත්සවය පැවැත්විණි. හමුදා උත්තමාචාර වලින් අනතුරුව ශ‍්‍රී ලංකාවේ ජාතික ගීය වාදනය කරනු ලැබිමෙන් පසු මැලේසියානු රාජ්‍ය නායකයා වෙත නව මහකොමසාරිස්වරයා සිය අක්තපත‍්‍ර භාරදෙනු ලැබීය. නව මහකොමසාරිස් වරයා සමග සුහද කතාබහක යෙදුණු මැලේසියානු රාජ්‍ය නායකයා දෙරට අතර පැවති අඛණ්ඩ සම්බන්ධතාව සිහිපත් කළේය.

එයාර් චිෆ් මාර්ෂල් කපිල වීදිය බණ්ඩාර ජයම්පති මහතා ශ‍්‍රී ලංකා ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මහතාගේ සුබ පැතුම් රාජ්‍ය නායක යාන්ග් ඩි  පර්ටුආන් අගෝ රජතුමා වෙත පිරිනැමීය. විවිධ ක්‍ෂෙත‍්‍රයන් ඔස්සේ ද්විපාර්ශ්වික සබඳතා වර්ධනය කරගනිමින් සහයෝගීතාවේ නව මායිම් විවෘත කිරිමට මෛත‍්‍රීපාල සිරිසේන ඡනාධිපතිවරයාගේ උනන්දුව ගැනද නව මහ කොමසාරිස්වරයා මැලේසියානු රාජ්‍ය නායකයා වෙත දැනුම් දුන්නේය.

එයාර් චිෆ් මාර්ෂල් කපිල වීදිය බණ්ඩාර ජයම්පති මහතා ශ‍්‍රී ලංකාවේ 16 වන ගුවන් හමුදාපතිවරයා ද විය. ඔහු කලක් පාකිස්ථානයේ ශ‍්‍රී ලංකා මහකොමසාරිස් කාර්යාලයේ ආරක්‍ෂක උපදේශක ලෙස ද කටයුතු කළේය.පාකිස්ථානයෙ ප්‍රෙස්ටන් විශ්ව විද්‍යාලයෙන් ජාත්‍යන්තර සබඳතා පිළිබඳ ශාස්ත‍්‍රපති උපාධියක් ද ලබා ඇති ඔහු චීනයේ ජාතික ආරක්‍ෂක විශ්ව විද්‍යාලයේ ආරක්‍ෂක පාඨමාලා උපාධිය හදාරා  හමුදා විද්‍යා ක‍්‍රමෝපායික අධ්‍යයන ශාස්ත‍්‍රපති උපාධියද හිමි කර ගත්තේය. 2015 ද හාවඩ් විශ්ව විද්‍යාලයේ සහ ඇමරිකා එක්සත් ජනපදයේ ජාතික ආරක්‍ෂක විද්‍යාලයේ ආදි ශිෂ්‍යයෙකුවන එයාර් චිෆ් මාර්ෂල් කපිල වීදිය බණ්ඩාර ජයම්පති මහතා කොළඹ නාලාන්දා විද්‍යාලයේද ආදි ශිෂ්‍යයෙකු වෙයි.

අක්තපත‍්‍ර පිරිනැමීමේ අවස්ථාවට එරට විදේශකටයුතු අමාත්‍ය සහ මැලේසියාවේ පොටොකෝල් ප‍්‍රධානී ද එක්ව සිටියේය. මැලේසියාවේ දූත මණ්ඩල අමාත්‍ය එච්.එම්.ගෙදර රිතීශ‍්‍රීරක්යා, කුමාරි විජේරත්න මෙන්ඩිස්, අනෝමා ජයම්පති යන මහත්ම මහත්මීන්ද එක්ව සිටියහ.

Read more

Local News