දුගී භාවය නැති කරන්න නම් මත් ද්‍රව්‍යවලින් නිදහස් විය යුතුයි

Share

මත්ද්‍රව්‍යවලට එරෙහිව පුළුල් ජාතික වැඩසටහනක් කි‍්‍රයාත්මක කළේ ග‍්‍රාමීය ජනතාවගේ දිළිඳු බව පිටුදැකීම උදෙසා බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පවසයි.

ජනාධිපතිවරයා මේ අදහස් පළ කළේ ඊයේ අනුරාධපුරයේ පැවති උත්සවයකදීයී.

ග‍්‍රාමශක්ති ජනතා වැඩසටහන යටතේ රුපියල් ලක්ෂ 800ක වියදමින් සංවර්ධනය කෙරුණු අනුරාධපුර, පළුගස්දමන, ආසිරිගම ගම්මානය ජනතා අයිතියට පවරාදීම ජනාධිපති මෛතී‍්‍රපාල සිරිසේන මහතාගේ ප‍්‍රධානත්වයෙන් ඊයේ පෙරවරුවේ සිදු කෙරුණි.

ප‍්‍රදේශයේ විහාරස්ථානයේ අඩුපාඩු සම්පූර්ණ කිරීම,පාසලේනව ගොඩනැඟිලි ඉදිකිරීම ඇතුළු සංවර්ධන කටයුතු සහ පෙරපාසල් දෙකක්ඉදිකිරීම, සේවාපියස ගොඩනැගිල්ලක් ඉදිකිරීම මෙන්ම මාර්ග පද්ධතිය සංවර්ධනය කිරීම ද මේ යටතේ සිදුවුණි.

ආසිරිගම ජනතාවගේ නිවාස අවශ්‍යතා සපුරාලමින් නිවාස 43ක් ඉදිකිරීම් කටයුතු ආරම්භ කෙරුණු අතර ඒ යටතේ නිවාස 22ක් ජනතා අයිතියට පවරාදීම ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා අතින් සිදු කෙරුණි.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වු ජනාධිපතිවරයා ප්‍රකාශ කළේ දුගී භාවය නැති කිරීමට නම් මත් ද්‍රව්‍යවලින් නිදහස් විය යුතු බවයි.

එසේම අනාගතය උදෙසා හොඳ සෞඛ්‍ය සම්පන්න දරු පිරිසක් බිහි වීමටත් මත් ද්‍රව්‍යවලින් තොර වීම වැදගත් බවත් ඒ මහතා පැවසීය.

මේ අතර කැකිරාව මධ්‍ය විද්‍යාලයීය දරුවන්ගේ ගුණාත්මක අධ්‍යාපන අභිවෘද්ධිය උදෙසා අභිනවයෙන් ඉදිකළ පී.බීඅබේකෝන් ශ‍්‍රවණාගාරය  සිසු අයිතියට පවරා දීම ජනාධිපතිවරයා අතින් සිදුවුණි.

මෙම ශ‍්‍රවණාගාරය ඉදිකිරීම සඳහා වැය කර ඇති මුදල රුපියල් ලක්ෂ 450ක්.

Read more

Local News