යුද හමුදාවේ ගුණාත්මක භාවයට ඉහළ නැංවීමට විශේෂ අවධානය

Share

ශ්‍රි ලංකා යුද හමුදා 70වන සංවත්සයර අදට(10) යෙදී තිබේ.

ඒ වෙනුවෙන් විශේෂ උත්සවයක් අද කොළඹ ගාලු මුවදොර ක්‍රිඩාංගණයේදී පැවැත් වෙයි.

1949 ඔක්තෝබර් මස 10 වන දින ආරම්භ කරන ලද ශ්‍රී ලංකා යුද හමුදාව අද සිය අභිමානවත් 70 වන සංවත්සරය සමරනු ලැබීය.

ඒ වෙනුවෙන් සංවිධාන කළ විශේෂ සැමරුම් උත්සවයක් යුද හමුදාපති  ලුතිතන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතාගේ ප්‍රධානත්වයෙන් අද උදෑසන කොළඹ ගාලු මුවදොර ක්‍රිඩාංගණයේදී  පැවැත්විය.

මෙහිදී අදහස් දැක්වු යුද හමුදාපතිවරයා පවසා සිටියේ, හමුදාවක ප්‍රධානතම කාර්ය වන්නේ රටේ සහ ජනතාවගේ ආරක්ෂාව තහවුරු කිරීම බවයි.

ඒ සඳහා නිරන්තරයෙන් කැප විය යුතු බව පැවසු හමුදාපතිවරයා, ඒ තුළින් බියෙන් සැකයෙන් තොර සමාජයක් බිහිවෙන බවත් සඳහන් කළේය.

නූතන යුගයට සරිලන පරිදි මෙන්ම රටේ පවතින තර්ජන විශ්ලේෂණය කර ඒවාට මුහුණ දිය හැකි ශක්තිමත් යුද්ධ හමුදාවක් ගොඩනැඟීම තුළින් යුද හමුදාවේ ගුණාත්මක භාවයට ඉහළ නැංවීමට තම විශේෂ අවධානය යොමුව ඇතැයි ද හමුදාපතිවරයා මෙහිදී පැවසීය.

ශ්‍රි ලංකා යුද හමුදාවේ වසර 70 ක සේවා කාලය තුළ ප්‍රථමවතාවට මෙම සංවත්සරයට සමගාමීව නිලධාරීන් 210 ක් සහ සෙසු නිලයන් 7000 ක් උසස් කරනු ලැබුණු බවත් පැවසු හමුදාපතිවරයා, එය එක් දිනක දී මෙතෙක් ලබා දී තිබූ උසස් වීම් දෙගුණයක් බවට පත් කළ වාර්තාවක් ලෙස ද කියා සිටියේය.

රටේ ආරක්ෂකයා වශයෙන් නිබඳව කටයුතු කිරීමට සියලු නිලධාරීන් මෙන්ම සියලු සෙබල සෙබලියන් අධිෂ්ඨාන කර ගත යුතු බව ද හමුදාපතිවරයා මෙහිදී පැවසීය.

Read more

Local News