මම සජිත්ට විරුද්ධ නෑ – ෆොන්සේකා

Share

නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණේ ජනාධිපතිධුර අපේක්ෂක සජිත් ප්‍රේමදාස මහතාගේ මංගල රැලිය අද(10) කොළඹ ගාලුමුවදොර පිටියේදී පැවැත් වෙයි.

සිය මංගල රැලියට සහභාගීවීමට පෙර අද පෙරවරුවේ කැළණිය රජමහා විහාරය වෙත පැමිණි සජිත් ප්‍රේමදාස මහතා එහිදී ආශිර්වාද ලබාගත්තේය.

අද පෙරවරුවේ කැළණිය රජමහා විහාරය වෙත පැමිණි සජිත් ප්‍රේමදාස මහතා එහිදී ආශිර්වාද ලබා ගත්තේය.

මෙම අවස්ථාව සඳහා එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී  ෆිල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා මහතා ද එක්විය.

නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණේ ජනාධිපතිධුර අපේක්ෂක සජිත් ප්‍රේමදාස මහතා සහභාගීවන පළමු ජන රැළි අද පස්වරු 02.00 ගාලු මුවදොර පිටියේදී පැවැත්වෙයි.

මෙහිදී මාධ්‍යවේදීන් විසින් සජිත් ප්‍රේමදාස මහතාගෙන් මෙසේ ප්‍රශ්න කර සිටියේය.

ප්‍රශ්නය – අද රැලිය සම්බන්ධයෙන්?

සජිත්  – මම ආරාධනා කරනවා ඔබ තුමාටත් ඇවිත් බලන්න.

ප්‍රශ්නය – මොන වගේ බලාපොරොත්තුවක්ද තියෙන්නේ?

සජිත්  – රටේ ජනතාවගේ බලාපොරොත්තුව තමයි මගෙත් බලාපොරොත්තුව.

ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා මහතාගෙන් මෙසේ මාධ්‍යවේදීන් ප්‍රශ්න කර සිටියේය.

අද දිනයේ රැලිය විශාල රැලියක් බවත් පක්ෂය දිනවීමේ ආරම්භය ඉතා සාර්ථකව සිදු කරන බවත් පැවසු මන්ත්‍රීවරයාගෙන් මාධ්‍යවේදීන් මෙසේ ප්‍රශ්න කර සිටියේය.

ප්‍රශ්නය – පසුගිය කාලයේ සජිත් ප්‍රේමදාස මහතාට විරුද්ධව ඔබ තුමා කටයුතු කරා නේද?

සජිත්  – “මම විරුද්ධව හිටියේ නෑ. මම කිව්වා පක්ෂයෙන් නාමයෝජනා ලබා දුන්නොත් එතුමා දිනවන්න වැඩ කරනවා කියලා. යම් යම් වෙනස් මත තිබුණා. ඒවා දැන් විසඳගෙන ඉවරයි අපි“

අනිවාර්යයෙන් සජිත් ප්‍රේමදාස මහතා දිනවන බවත් සරත් ෆොන්සේකා මහතා මෙහිදී කියා සිටියේය.

Read more

Local News