තෙදින නිල සංචාරයක් සඳහා මැලේසියානු අගමැති මෙරටට – අගමැතිවරයාගේ පරිවාර ඇමති ගයන්ත කරුණාතිලක

Share

ශ්‍රී ලංකා රජයේ ආරාධනාවකට අනුව ශ්‍රී ලංකාවේ තෙදින නිල සංචාරයක් සඳහා පැමිණෙන මැලේසියානු අග්‍රාමාත්‍ය ශ්‍රී මොහොඩ් නජීබ් ටන් අබ්දුල් රෂාක් මහතා සහ එම ආර්යාව මේ මස 17 වන දින පැමිණීමට නියමිතය.
ශ්‍රී ලංකාවට පැමිණෙන මැලේසියානු අගමැතිවරයා සහ එම ආර්යාව ශ්‍රී ලංකාවේ ගත කරන කාලය තුල මැලේසියානු අග්‍රාමාත්‍ය ශ්‍රී මොහොඩ් නජීබ් ටන් අබ්දුල් රෂාක් මහතාගේ පරිවාර ඇමතිවරයා ලෙස ඉඩම් හා පාර්ලි‌‌මේන්තු ප්‍රතිසංස්කරණ ඇමති ගයන්ත කරුණාතිලක මහතා කටයුතු කිරීම සඳහා ජනාධිපතිතුමා හා අග්‍රාමාත්‍යතුමා විසින් පත් කර තිබේ.

Read more

Local News