පරිසරය රැක ගැනීමේ ප‍්‍රතිඥා කි‍්‍රයාවට නැංවීය යුතුයි

Share

පරිසරය රැක ගැනීමේ ප‍්‍රතිඥා මැතිවරණ වේදිකාවලට සීමානොකර ඒවා නිසි ලෙස කි‍්‍රයාවට නැංවීමට බලයට පත්වන නායකයන් කටයුතු කළ යුතු බව ජනාධිපතිවරයා පවසයි.

ජනාධිපති මෛතී‍්‍රපාල සිරිසේනමහතා මේ බව ප‍්‍රකාශ කළේ අද(10) කොටුව ජනාධිපතිමන්දිරයේ පැවති පරිසර නියමු ජනාධිපති පදක්කම් ප‍්‍රදානෝත්සවය අමතමිනි.

පරිසරය රැක ගැනීමට සියලූ දෙනාට පැවරී ඇති වගකීම මෙහිදී අවධාරණය කළ ජනාධිපතිවරයා වනාන්තර ආරක්ෂාකිරීම, රුක්රෝපණය සහ පරිසරයට සංවේදී වීමමෙන් ම ගහ කොළ, ඇළ දොළ, සතාසිපාවට, මහපොළොවට ආදරය කිරීම, සහ පෝෂණය කිරීම මිනිසුන් ලෙස අප ඉටු කළ යුතු මූලික වගකීමක් සහ යුතුකමක් බව ද කියාසිටියේ ය.

එමෙන්ම තමා ජීවත් වන පරිසරය, ගහ කොළ,සතාසීපාවා රැක ගැනීමට දරුවන් කුඩාකාලයේ සිට පුරුදු පුහුණු වීමේ වැදගත්කම ද ජනාධිපතිවරයා පෙන්වාදුන්නේ ය.

පරිසර සංවේදිනායකයෙකු ලෙස පරිසරය රැක ගැනීමවෙනුවෙන් තමා ඉකුත් පස් වසර පුරා සුවිශේෂි වැඩ කොටසක් ඉටු කළ බව පැවසූ ජනාධිපතිවයා පරිසරය රැක ගැනීම වෙනුවෙන් ඉතිහාසයේ පළමුවතාවට ති‍්‍රවිධ හමුදාව යෙදවීමට තමා පියවර ගත් බවද සිහිපත් කළේය.

ශ‍්‍රී ලාංකේය අනාගත පුරවැසියන් පරිසර හිතකාමීන් ලෙස සමාජගත කරමින් මාතෘ භූමියේ සුන්දර පරිසර උරුමය මතු පරපුරට දායාද කිරීම මුඛ්‍ය අරමුණුකර ගනිමින් මධ්‍යම පරිසර අධිකාරිය විසින් අධ්‍යාපන අමාත්‍යාංශයේ පූර්ණ අනුග‍්‍රහයෙන් ජාතික පරිසර නියමු වැඩසටහන මෙරට පාසල් පද්ධතිය තුළ කි‍්‍රයාත්මකකරනු ලබයි.

පරිසර නියමුවෝ 40 දෙනෙකු මෙහිදී ජනාධිපති පදක්කමින් අභිසෙස් ලැබූහ.

“පරිසර සංරක්ෂණයෙහි ලා පරිසර අධ්‍යාපනයේ වැදගත්කම” මැයෙන් විද්වත් දේශනයක් කොළඹ විශ්ව විද්‍යාලයේ, හෙද අධ්‍යාපන අංශයේ, වැඩබලන පීඨාධිපති මහාචාර්ය දේවක වීරකොන් මහතා විසින් සිදු කළේය.

2019 පරිසර නියමු ජනාධිපති පදක්කම් ප්‍රදානෝත්සවය නිමිත්තෙන් සම්පාදනය කෙරුණු සමරු කලාපය ද ජනාධිපතිතුමා වෙත පිළිගැන්විණි.

රාජ්‍ය අමාත්‍ය අජිත් මාන්නප්පෙරුම, ජනාධිපති ලේකම් උදය ආර්.සෙනෙවිරත්න, මධ්‍යම පරිසර අධිකාරියේ සභාපති ඉසුර දේවප්‍රිය, මධ්‍යම පරිසර අධිකාරියේ අධ්‍යක්ෂ ජනරාල් හේමන්ත ජයසිංහ යන මහත්වරුන් ඇතු`ථ පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියහ.

Read more

Local News